Perata Yamaw Perata Yamaw Song Lyrics | පෙරට යමවු පෙරට යමවු ගීතයේ පද පෙළ

Perata Yamaw Perata Yamaw Song Lyrics | පෙරට යමවු පෙරට යමවු ගීතයේ පද පෙළ

Perata Yamaw Perata Yamaw Song Lyrics | පෙරට යමවු පෙරට යමවු ගීතයේ පද පෙළ
Song Title : Perata Yamaw Perata Yamaw (පෙරට යමවු පෙරට යමවු)
ගායනය : ලතා වල්පොල, පුෂ්පරාණී ආරියරත්න, මොහිදීන් බෙග් සහ පිරිස
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. වේදාචලම්
1957 දී භාරතයේ තිරගතවූ "අංජලී" චිත්‍රපටියට, ආශා බෝස්ලේ ඇතුළු පිරිස ගායනා කළ, Aao Chalo යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පෙරට යමවු පෙරට යමවු
එකට යමවු එකට යමවු
සැවොම යමවු //

හෝ ඕ ඕ.. ඕ ඔඕ.....

අලස ගති දුරැර දමවු
ගතට සිතට දිරිය දියව්
අවදි වෙයවු

උදලු නගුලු අතට ගනිවු
පොළොව කොටවු වැවිලි කරවු
සමගි වෙයවු

අලස ගති දුරැර දමවු (හෝඕ ඕ... ඔඔඔඔ ඕ....
ගතට සිතට දිරිය දියවු
අවදි වෙයවු

ඇලට දොළට පවුරු බඳිවු
ගොඩට මඩට වතුර ගනිවු
සමගි වෙයවු

වැවෙන බිමට පොහොර යොදවු
අපට කුසට අහර සොයවු
අවදි වෙයවු

හොයි.....

නිලය බලය අහක දමවු
සියලු දෙනම එක සෙ සිතවු
සමගි වෙයවු

සමය නිබඳ පණ සෙ රකිවු
රටට දැයට දිවිය පුදව්
අවදි වෙයවු

උදලු නගුලු අතට ගනිවු
පොළොව කොටවු වැවිලි කරවු
සමගි වෙයවු

වැවෙන බිමට පොහොර යොදවු (හෝඕ ඕ... ඔඔඔඔ ඕ....
අපට කුසට අහර සොයවු
අවදි වෙයවු

ඇලට දොළට පවුරු බඳිවු
ගොඩට මඩට වතුර ගනිවු
සමගි වෙයවු

වැවෙන බිමට පොහොර යොදවු
අපට කුසට අහර සොයවු
අවදි වෙයවු

හොයි.....

පෙරට යමවු පෙරට යමවු
එකට යමවු එකට යමවු
සැවොම යමවු //

සටහන -
"අංජලී" 1957 දී භාරතයේ ප්‍රදර්ශනය කරන ලද හින්දි චිත්‍රපටියකි. මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කරණ ලද්දේ 1957 ජනවාරි 01 වැනිදාය. චිත්‍රපටිය පිළිබඳ ඇති වාර්තා ව්‍යාකූලය. ඇතැම් තොරතුරු අවශ්‍යයෙන්ම වසන් කර ඇති බවක් හැඟවේ. එහි ඇතුළත් ගීත සංඛ්‍යාව නවයක් හෝ දහයකි. ඒ අතරින් අද කතාබහට පාත්‍ර ගීය කොතැනකවත් සොයා ගන්නට නැත. අනෙක් ගී අන්තර්ජාලයේ තිබේ.
සිංහලෙන් "අංජලී" නමින් 1958 අප්‍රේල් 25 වැනි දින මහජන ප්‍රදර්ශනයට නිකුත් කළ චිත්‍රපටිය, මුල් එනමින්ම වූ චිත්‍රපටියට දෙබස් කවා නිෂ්පාදනය කොට ඇත. එම සිංහල චිත්‍රපටියේ ඇතුළත් වන්නේ ගීත හතක් පමණි.

ඉන් ගම්‍ය වන්නේ මුල් පිටපතේ ඇතැම් කොටස් ඉවත් කර සංස්කරණයකට ලක් කර ඇති බවකි.

එසේ වීමට හේතු මේ වන්නට පුළුවනිය යනුවෙන් මා අධ්‍යනය කළ කාරණා සමග මට යම් තරමකට අවබෝධ කරගත හැකිමුත්, එය මගේ අදහස පමණක් නිසා මෙහි සඳහන් නොකරමි.

කෙස් නමුත්, යම් මතභේදකාරී ප්‍රතිචාර නිසා "අංජලී" 1957 මුල් හින්දි චිත්‍රපිටයේ පවතිනා තොරතුරු පැහැදිලි නැත. තවද, අධ්‍යක්ෂක චේතන් ආනන්ද් 1957 දී තවත් චිත්‍රපටියක් "අපර්ණා" නමින් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කිරීමට කටයුතු කර ඇත. මගේ අධ්‍යන සඳහා මා එම චිත්‍රපටිය මුළුමනින් නැරඹූයෙමි.

ඇත්තටම "අපර්ණා" යනු "අංජලී" චිත්‍රපටියේ රූප රාමු පූට්ටු කර තැණූ කෘතියක් වන අතර, කිසිම තැනක නළු නිළියන්ගේ තොල් සෙලවීම් පසුබිම් හඬ සමග ගැලපීමක් නැත. ඔබට තේරෙන්නට පැවසුවොත්, එය හරියට "ගම්පෙරළිය" චිත්‍රපටියේ රූප රාමු පූට්ටු කර "අපේ ගම" කළා වැනිය.

"අංජලී" සිංහල දෙබස් කවා කළ නිෂ්පාදනයේ වූ ඉහත "පෙරට යමවු පෙරට යමවු" ගීයට අනුරූප හින්දි ගීය නැති නිසා ඉදිරිපත් කළ නොහැක. එනමුත් චේතන් ආනන්ද් 1957 දෙසැම්බරයේ නිකුත් කිරීමට කටයුතු කළ "අපර්ණා" හී එම ගීයේ කොටසක් අඩංගුය. එය මෙහි පහත ඉදිරිපත් කර ඇත.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Perata Yamaw Perata Yamaw Song Lyrics | පෙරට යමවු පෙරට යමවු ගීතයේ පද පෙළ Perata Yamaw Perata Yamaw Song Lyrics | පෙරට යමවු පෙරට යමවු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2023 Rating: 5

0 comments:

Post a Comment