Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ

Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ

Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ
Song Title : Mangala Dinaye (මංගල දිනයේ)
ගායනය : ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල
පද රචනය : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස
සීතල වතුර චිත්‍රපටියෙන්
චිත්‍රපටියට මේ ගීය ගැයුවේ ලතා සමග ධර්මදාස වල්පොල යි.


මංගල දිනයේ රස මධු පානේ
ඉවකළ කොමලිය කුලගෙට එනවා
කුලගෙට එනවා //
කුලගෙට එනවා ///

ඇගේ සිනහවේ හඬට අතු පුරා
රිකිලි සැලේ මුළු ගම්මානේ
කුසුම් වැසි වසී ගම්මානේ

මිහිර ලබා පෙම් රහස් කිය කියා
හඬ ද නැගේ දිය වැල් ගීයේ //

සීතල වතුරේ කුමුදාකාරයේ
ඇයගේ දිගු නෙත් පිළිබිඹු වෙනවා
පිළිබිඹු වෙනවා //
පිළිබිඹු වෙනවා ///

තුරුළු වුණාවේ වලාකුළු ඇදී
ඈත පෙනෙන මහ කඳු යායේ //

සිහින් තරඟ ජල තලා මත නැඟී
ඇගේ සෙනේ රසයට යාවේ //

මංගල දිනයේ රස මධු පානේ
ඉවකළ කොමලිය කුලගෙට එනවා
කුලගෙට එනවා //
කුලගෙට එනවා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ Mangala Dinaye Song Lyrics - මංගල දිනයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2022 Rating: 5

0 comments:

Post a Comment