බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall)

බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall) - Your Choice Way

නැගෙනහිර බර්ලිනය බටහිර බර්ලිනයෙන් වෙන් කරමින් ඉදිවූ බර්ලින් තාප්පය දහස් ගණනක් පවුල් හා මිතුරන් බෙදා වෙන්කිරීමට සමත් විය. බර්ලින් තාප්පය මගින් නගරය දෙකට බෙදූ අතර අනෙක් පසට යා හැකි සියලුම ආකාර අවහිර කිරීමට කටයුතු කරන ලදී. එහෙත් සමහරුන් මෙම බාධකය තරණය කරමින් අනෙක් පසට යාමට තරම් වාසනාවන්ත වුවද බොහෝ දෙනෙක් මෙය තරණය කිරීමට ගොස් සිය දිවියෙන් සමු ගන්නා ලදී.

බර්ලින් තාප්පය පිටුපස ජීවිතය ඉතා කටුක එකක් විය. විශේෂයෙන් බර්ලිනයේ නැගෙනහිර පැත්තේ ජනගහනය වඩාත් ප්‍රචණ්ඩකාරී වූ අතර කොමියුනිස්ට් ක්‍රමයක් බලාත්මක කරමින් සිටි සෝවියට් සංගමයේ නියෝජිතයන් විසින් පාලනය කරන ලද බැවින් එම ප්‍රදේශය ඉතා දරුණු එකක් විය. 

මෙම පවුර මූලික වශයෙන් නැගෙනහිර බර්ලිනය විසින් ඉදිකරන ලද අතර “ෆැසිස්ට්වාදීන්” (ඔවුන් බටහිර බර්ලිනයේ වෙසෙන ජනයා හැඳින්වූයේ එලෙසය) නැගෙනහිර බර්ලිනයට ඇතුළු වීම වැළැක්වීම සදහා එය ඉදි කරන ලදී. තාප්පය ඉදිවූ පසු බොහෝ අය එක් පැත්තක සිරවූ අතර ඔවුන්ට තම නිවෙස් වලට යාමටවත් කිසිදු දැනුම්දීමක් නොකරන ලදී. මේ හේතුව නිසා පවුල් වලින් වෙන් වූ සහ නැගෙනහිර කොටසේ විසූ බොහෝ දෙනා පැන යාමට මාර්ගයක් සොයමින් සිටින ලදී.

නැගෙනහිර කොටසේ විසූ ජනයා පැන යාම පිළිබඳ අලුත් අලුත් දේ අත්හදා බලන ලදී. තාප්පය ඉදි වූ මුල් දිනවල ඔවුන් වයර් හෝ ලණු ආධාරයෙන් තාප්පය තරණය කල අතර පසුව එය කිරීමට නොහැකි වී ගියේ කටු කම්බි සහ වෙනත් දේවල් තාප්පය මත යෙදීම නිසාය. මේ නිසා මේ මිනිසුන් බිත්තියට යටින් උමං හාරා හෝ බැලූනයක් මගින් බිත්තියට ඉහළින් පියාසර කර අනෙක් පසට පැන යාමට කටයුතු කරන ලදී. 

එමෙන්ම මුල් කාලයේදී තවත් සමහරු මෝටර් රථයක නැගී පහසුවෙන් හුවමාරු ස්ථානය හරහා ගමන් කිරීමට සමත් විය. එම නිසා මෙය වැළැක්වීම සඳහා බලධාරීන් මෙම හුවමාරු ස්ථානවල හරස් අතට ලෝහ බාර් සවි කරන ලදී. නමුත් කිහිප දෙනෙක් මෙයටද විසඳුමක් සොයා ගත් අතර ඔවුන් තමන් විසින්ම නවීකරණය කරන ලද මෝටර් රථ භාවිතා කරන ලදී. එමගින් මෝටර් රථයේ වහලය පමණක් මෙම ලෝභ බාර් වල වැදී කැඩී යන ආකාරයට සකස් කළ අතර, මෝටර් රථයට එය යටින් යාමට හැකි විය. නමුත් පසුව බලධාරීන් සිග්සැග් හැඩයේ මාර්ග බාධක මෙයට යෙදූ නිසා එම පලා යාමේ ක්‍රමයද අවහිර විය. 

තවත් එක් සුභදායී පලායාමක් ලෙස වාර්තා වන්නේ බර්ලින් දේශ සීමාව හරහා කුඩා ගුවන් යානාවක් මගින් තෝමස් ක්‍රෙගර් නම් පුද්ගලයා සිදු කළ පලා යාමයි. පසුව ඔහු මෙසේ පැනගිය කුඩා ගුවන් යානය යළි නැගෙනහිර ජර්මනියට එවූ අතර, එසේ එවීමට පෙර බටහිර ජර්මනියේ සෙබළුන් එම යානයේ "ඔබත් මෙහේ සිටියා නම් හොඳයි කියා හිතනවා" (wish you were here), "ඉක්මනින් ආපසු එන්න" (come back soon) වැනි වැකි ලියා තැබීමට ද අමතක කළේ නැත.

1962 වන විට මිනිසුන් බර්ලින් තාප්පය යටින් උමං හෑරීමට පටන් ගන්නා ලදී. 1962 දී බර්ලින් තාප්පය යටින් උමං මාර්ග 12 කට වැඩි ප්‍රමාණයක් ඉදි වී තිබුණි. සමහර පලායාමේ උත්සාහයන් හොඳින් අවසන් වූ අතර එහෙත් සමහරක් ඒවා එසේ සාර්ථක නොවීය. බටහිර බර්ලිනයට තම බිරිඳ සහ දරුවා ගෙන ඒමට උත්සාහ කල 22 හැවිරිදි සීග්ෆ්‍රයිඩ් නොෆ්කේගේ කතාව ද ඉන් එකක් විය.

තාප්පය ඉදි කිරීමෙන් පසු පළමු මාසවලදී නව දේශ සීමාව නිසා වෙන් වූ සියලුම ජෝඩු මෙන් සීග්ෆ්‍රයිඩ් සහ හන්නෙලෝර් හමු වූයේද හුවමාරු ස්ථාන වල හිඳ දුරින් සිට කතා කරමින්ය. 1962 දී සීග්ෆ්‍රයිඩ්ට තවත් ඔහු වැනිම මිනිසෙකු හමු වූ අතර ඔහු පවුලේ සාමාජිකයන් අනෙක් පැත්තෙන් ගෙන්වා ගැනීම සඳහා තාප්පයට යටින් උමගක් හෑරීමට සැලසුම් කරන කණ්ඩායමකට බැඳීමට සීග්ෆ්‍රයිඩ්ට ආරාධනා කළේය. ඒ අනුව එම කණ්ඩායම තාප්පය අසල වීථියක් වන සෙබස්තියන්ස්ට්‍රාස් හි තිබූ නිවසක පහළම මාලය තුළ සිට උමග හෑරීමට පටන් ගත්තේය.

එහෙත් අවාසනාවන්ත අහඹු සිදුවීමක් නිසා නැගෙනහිර ජර්මානු බලධාරීන් ඒ පිළිබඳව සොයාගත් හෙයින් ඔවුන්ගේ මෙම සැලැස්ම අසාර්ථක විය. එය අසාර්ථක වුයේ මෙම කණ්ඩායමේ උපකාරයෙන් නැගෙනහිර බර්ලිනයට පලා යාමට නියමිතව සිටි එක් කාන්තාවක් මෙම සැලැස්ම ගැන ඇගේ සහෝදරයාට පැවසීමත් සමගය. අවාසනාවට එම පුද්ගලයා ජර්මානු පොලිසියේ ඔත්තු සපයන්නෙකු විය. ඒ අනුව ඔහු මෙම සැලැස්ම පිළිබඳ වහාම තම ඉහළ නිලධාරීන් දැනුවත් කරන ලදී.

ආරක්ෂකයින් ඒ අනුව සිදු කළේ තම වෙනත් රහසිගත නියෝජිතයෙකු මෙම කණ්ඩායම තුළට ඇතුළත් කිරීමයි. කණ්ඩායම කිසිදු සැකයකින් තොරව ඔහුව පිළිගත් අතර ඔහුගේ අවංකභාවය ගැන ප්‍රශ්න නොකර සියලු තොරතුරු ඔහුට ලබා දෙන ලදී. 

ඔහුගෙන් ලද විස්තර වලට අනුව මෙම කණ්ඩායමේ සාමාජිකයන් උමග හැරූ ගොඩනැගිල්ලේ පහළ මාලයේදී අල්ලා ගැනීමට නිලධාරීන් සමත් විය. එහෙත් ඔවුන් අල්ලා ගන්නවා වෙනුවට නිලධාරීන් සිදු කළේ ඔවුන්ට වෙඩි තැබීම යි. මෙම වෙඩි තැබීමෙන්  සීග්ෆ්‍රයිඩ් නොෆ්කේ සහ තවත් පුද්ගලයෙක් බරපතල ලෙස තුවාල ලද අතර නිලධාරීන් ඔවුන් රෝහලට රැගෙන යනවා වෙනුවට එම ස්ථානයේ සිටම ප්‍රශ්න කිරීමට පටන් ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සීග්ෆ්‍රයිඩ් මියගිය අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත් විය. පසුව ඔහුද අවුරුදු නමයක සිර දඬුවමකට නියම වීමට සිදු විය.

කොමියුනිස්ට් තන්ත්‍රය බිඳ වැටීමෙන් පසු හා ජර්මනිය යලි එක්සත් වීමෙන් පසුව වෙඩි තබා නොෆ්කේ ඝාතනය කළ නියෝජිතයා 1962 ගිම්හානයේදී සිදුවූ දේ ගැන කතා කිරීම ප්‍රතික්ෂේප කළහ. නමුත් පසුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අතර එහෙත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුව අවසන් කිරීමට නොහැකි විය.

බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall) - Your Choice Way
1962 නැගෙනහිර බර්ලිනයේ කාන්තාවක් බර්ලින් තාප්පය භාවිතා කරමින් ඇගේ ඇඳුම් වේලා ගන්නා ආකාරය

බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall) - Your Choice Way
බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව වටා බර්ලින් තාප්පයේ මායිම 1962

බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall) - Your Choice Way
සිග්ෆ්‍රයිඩ් නොෆ්කේ බර්ලින් තාප්පය යට උමග හාරමි

බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall) - Your Choice Way
සිග්ෆ්‍රයිඩ් නොෆ්කේ බර්ලින් තාප්පය යට උමග හාරමින්

බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall) - Your Choice Way
නොෆ්කේ විසින් බර්ලින් තාප්පය යට හාරා ඇති උමගෙහි ඇතුළත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall) බර්ලින් තාප්පය පිටුපස ජීවිතය (Life Behind The Berlin Wall) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2022 Rating: 5

0 comments:

Post a Comment