බත් වලින් තෝසෙ (Bathwalin Those)

බත් වලින් තෝසෙ (Bathwalin Those) - Your Choice Way

ඉතුරු වන බත් ඉවත දමන්නෙ නැතුව ඔයාලට පුලුවන් මේ විදියට රසවත් ආහාර වේලක් සකස් කර ගන්න . නාස්තිය අවම වෙනවා වගේම පෝෂණීය ආහාරයක් ඔයාලගෙ රස අනුව පහසුවෙන්  සකස් කර ගන්නත් පුලුවන් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය : 

  • 🔸 බත් කෝප්ප 1 ක්
  • 🔸 පාන් පිටි කෝප්ප 1 ක්
  • 🔸 හාල්පිටි කෝප්ප 1/2 ක්
  • 🔸 බිත්තර 1 ක්
  • 🔸 බේකින් සෝඩා තේ හැඳි 1/2 ක්
  • 🔸 අවශ්‍ය පමණ ලුනු 
  • 🔸 පොල් වතුර ටිකක් 

තෙම්පරාදු සඳහා 
  • 🔸 අබ ඇට ටිකක් 
  • 🔸 ලියාගත් රතු ලූනු හෝ බී ලූනූ ටිකක් 
  • 🔸 සිහින්ව කපාගත් මිරිස් කරල් දෙකක්
  • 🔸 කරපිංචා ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ පොල් වතුර එක් කරමින් බත් ටික සිනිඳු තලපයක් වනසේ අඹරා ගන්න.
  2. ✴️ පසුව එයට පාන්පිටි ,හාල්පිටි ,බේකින් සෝඩා සහ බිත්තර එකතු කරන්න.
  3. ✴️ දැන් පොල් වතුර ටික ටික එකතු කරමින් තෝසෙ මිශ්‍රණය සකස් කර ගන්න. ගොඩාක් දිය ගතියට ගන්න එපා ටිකක් ඝනට හදා ගන්න.
  4. ✴️ දැන් හොඳින් වසා පැයක් පමණ පිපෙන්න තබන්න.
  5. ✴️ ඊලඟට තෙල් ටිකක් රත් කර එයට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  6. ✴️ දැන් එයට ලියාගත් ලූනු, කරපිංචා සහ මිරිස් කරල්  එකතු කර තෙම්පරාදු කර ගන්න.
  7. ✴️ දැන් මෙය තෝසෙ මිශ්‍රණය ට එකතු කරන්න.
  8. ✴️ අවශ්‍ය පමණ ලුනුද එකතු කර ගන්න.
  9. ✴️ දැන් නන්ස්ටික් තැටියක් ලිප තබා රත් කර එයට තෙල් ටිකක් ආලේප කර තෝසෙ මිශ්‍රණයෙන් හැන්ඳක් දමා හැන්දෙන් රවුමට කරකවමින් හැඩය සකසා ගන්න.
  10. ✴️ යාන්තම් රන්වන් පැහැ වනතුරු දෙපැත්ත දමමින් පිස ගන්න.
  11. ✴️ මිංචි සම්බල් ,සම්බාරු හෝ ඔයාලා කැමති කරියක් සමග රස විඳින්න පුලුවන්.
හෙළයේ රස මිහිර
බත් වලින් තෝසෙ (Bathwalin Those) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බත් වලින් තෝසෙ (Bathwalin Those) බත් වලින් තෝසෙ (Bathwalin Those) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment