Your Choice Way

Wala Athula Siri Yahane Song Lyrics - වලා අතුල සිරියහනේ ගීතයේ පද පෙළ

Wala Athula Siri Yahane Song Lyrics - වලා අතුල සිරියහනේ ගීතයේ පද පෙළ
Song Title : Wala Athula Siri Yahane (වලා අතුල සිරියහනේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් රත්නායක
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
දළ රළ පෙළ ටෙලි සිතුවමෙන්


වලා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැළැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එළියෙන් නලියනවා

නොදරුවෙකු අතින් බොඳවුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා

කිරිවැදී නටන ගොයමට
මිහිදුමින් වැටුනු පිණිකැට
රන්දමක් වගේ ගෙල වට
රනින් දිළෙනවා

හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා

වලා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා

මල් සුගන්ධයෙන් නැළැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wala Athula Siri Yahane Song Lyrics - වලා අතුල සිරියහනේ ගීතයේ පද පෙළ Wala Athula Siri Yahane Song Lyrics - වලා අතුල සිරියහනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment