Me Saumaya Wu Nishanthaye Song Lyrics - මේ සෞම්‍ය වූ නිශාන්තයේ ගීතයේ පද පෙළ

Me Saumaya Wu Nishanthaye Song Lyrics - මේ සෞම්‍ය වූ නිශාන්තයේ ගීතයේ පද පෙළ
Song Title : Me Saumaya Wu Nishanthaye (මේ සෞම්‍ය වූ නිශාන්තයේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : වෛද්‍ය කපිල ප්‍රියන්ත සූරිආරච්චි
තනුව : දර්ශන රුවන් දිසානායක


මේ සෞම්‍ය වූ නිශාන්තයේ
නිලඹර උයනේ
තරු මල් නෙළනා
සඳ කුමරිය නුඹයි

සඳ කුමරියෙ නුඹෙ නෙත් සර
සිසිල විදින නිල් දියවර මමයි

වලා සළුවෙන් මුදු වත සඟවා
දිලෙන තරු මල් ගෙල වට පළඳා
කෝල සිතින් නුඹ හැඩරුව බලනා
නුඹෙ කැඩපත මමයි

මින් රළ රවටා සුව නිදි ගන්වා
සසල දියරැළි ඉවුරෙහී සඟවා
නිසසල දෑසින් පෙර මඟ බලනා
නිල් දියවර මමයි

මේ සෞම්‍ය වූ නිශාන්තයේ
නිලඹර උයනේ
තරු මල් නෙළනා
සඳ කුමරිය නුඹයි

සඳ කුමරියෙ නුඹෙ නෙත් සර
සිසිල විදින නිල් දියවර මමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Saumaya Wu Nishanthaye Song Lyrics - මේ සෞම්‍ය වූ නිශාන්තයේ ගීතයේ පද පෙළ Me Saumaya Wu Nishanthaye Song Lyrics - මේ සෞම්‍ය වූ නිශාන්තයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment