Thanikama Song Lyrics - තනිකම ගීතයේ පද පෙළ

Song Title : Thanikama (තනිකම)
Perform by Izzy Iznu x Kevin Smokio x Chey9
Produced by Church Made This
Lyrics by Iznu Insaf, Kevin Smokio, Chey9
Mixed by Prathap Costa
Masted by David Luchow
Animation and illustration by Thison Nayanake


තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම

ඇයි කෙල්ලේ ආදරෙයි කිව්වේ ඇස් දිහා බලන්
ඈත් වෙන්න නම් ඇයි හීන මැව්වේ මාලිගා හදන්
මුලදිම ලන් වෙන්න එපා මතකද කිව්වා මන්
ඒත් ඔයා කිව්වේ මාවමයි ඕන දිව්රන්නම්
සුන්දර දෙයක් තිබ්බද අපි දෙන්නාගේ ආදරේ තරම්
සීමාවන් කඩන් උඩට එනවා වගේ සාගරේ ගලන්
ඉන්න නොදි මගේ ලෝකේට වෙලා තනියම ඉද්දි මන්
බෙබ් (Babe) ඇයි මන් ගාවට ආවේ බලාපොරොත්තු අරන්

මන් අහන්නද ප්‍රශ්නයක්
කෝ ඒ දැනෙන හැගීම
වචනෙකට සීමා උනාද අපේ බැදීම
ලේසි නෑ බොද වු සිතුවම මකා ඇදීම
ඉවර උනා කතාව පටන් ගත්ත තැනීන්ම

බාදුර මලට ලන් උනා මමත්
ඔයා ගාව මෙලෙක් උනත් මගේ හිතත් ගලක්
වෙච්ච දේවල් ගැන පසුතැවෙන්නේ නෑ මන් තවත්
ඔයා වෙලා මගේ අතීතයේ තවත් එක නමක් බෙබ් (Babe)

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම

මුලු රෑම කලුවරයි හඳ නැති රැයක්
කල්පනා ලොවක දැන් ගෙවිලම පැයක්
මම දන්නවා වැරදුනා කොහෙ හරි තැනක්
අපි දෙන්නම හිතන්නේ එකම එක දෙයක්
අපි හමුවෙමු රෑක අන්තිම පාරට
තනියම එන්න ගං ඉවුර ගාවට
නුපුරුදු අදුරක් වෙලාගෙන මා වට
ගැලවෙන්න කෝමද කියලා දෙන්න මා හට
රතු පාටට ඉර බැහැන් යද්දි
වෙරළ තනි වුනා හඳ මෝදු වෙද්දි
සීයට සීයක් අදහස් ගැලපෙද්දි
ඈත් උනා උත්තර නැති ප්‍රශ්න එද්දි
තාමත් ඉන්නවා පාර ගාව දන්නෑ වෙන් වුනු කාරනාව
මතක් උනත් ඇති ඔය හිනාව
දෙන්න නම් බෑ කෙල්ලේ ආයෙත් සමාව
දෙන්නම් බෑ මම දෙන්නෙ නම් නෑ
කැඩිලා ගිය හිත හදවන්න නම් බෑ
කොච්චර කිව්වත් කොච්චර ඇඩුවත්
ඉස්සර වගේ අපිට ඉන්න නම් බෑ
වෙච්ච දේවල් හරිගස්සන්න බෑ
මට සමහර දේවල් මතකත් නෑ
අපිට ඉස්සර වගේ ආයේ ඉන්නත් බෑ
මට පරන මනුස්සයා වෙන්නත් බෑ
මට නැති උනේ ඈ නෙවෙයි නැති උනේ මාව
ඇගේ මුලු සතුටම තිබ්බේ මගේ ගාව
ඈ නිහඩව අඩද්දි මගේ හිත පාරයි
දෙන්නා වෙනස් උන විදිහත් මාරයි
වැඩක් නෑ දැන් ඕවා හාරලා
ඈ යන්න ගිය හිත පාරලා
මම එලියෙන් සතුටෙන් හිනා වෙනවා
ඒත් ඇතුලෙන් මාව මරලා

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanikama Song Lyrics - තනිකම ගීතයේ පද පෙළ Thanikama Song Lyrics - තනිකම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2022 Rating: 5

0 comments:

Post a Comment