Salli Walata Asa Naththe Song Lyrics - සල්ලි වලට ආස නැත්තෙ ගීතයේ පද පෙළ

Salli Walata Asa Naththe Song Lyrics - සල්ලි වලට ආස නැත්තෙ ගීතයේ පද පෙළ
Song Title : Salli Walata Asa Naththe (සල්ලි වලට ආස නැත්තෙ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : සරත් මුණසිංහ
තනුව : ලාල් තේනබදු


සල්ලි වලට ආස නැත්තෙ
කවුරුද මේ ලෝකෙ මත්තෙ
ධන සම්පත් පොදි ගහන්න කවුරුත් ආසයි
දිළින්දෝ
රජින්දෝ

නහිනව මේ සල්ලි මත්තෙ
තණ්හාවයි හිතේ ඇත්තෙ
කොයි කවුරුත් සල්ලි වලට හරියට ආසයි
දිළින්දෝ
රජින්දෝ

දිළිඳු ජෝඩුවක් දවසක් මා වෙත ඇවිදින්
පිනට යමක් දෙන්නැයි මට ඇවිටිලි කෙරුවෙන්
දුන්න රුපියලක්
මේ මම දුන්න රුපියලක්
දිළින්දෝ
දිළින්දෝ

පැනපු ගමන් රුපියල ගෙන
මේ ජෝඩුව ගහ බැණ ගෙන
සල්ලි වලට ඇති කෑදරකම පෙන්වූවා
දිළින්දෝ
දිළින්දෝ

මහ රජිඳෙක් එක දිනයක යනවිට ගමනක්
කසළ ගොඩක් අසල තිබුණි එක තඹ සතයක්
පැන්න රජින්දා
පැන්න ගමන් ඇහින්දා
රජින්දෝ
රජින්දෝ

මහ බැංකුවෙ කෝටි ගණන්
තණ්හාවෙන් නිදන් කරන්
හිටියත් සතයටත් ලෝබ බව පෙන්වූවා
රජින්දෝ
රජින්දෝ

සල්ලි වලට ආස නැත්තෙ
කවුරුද මේ ලෝකෙ මත්තෙ
ධන සම්පත් පොදි ගහන්න කවුරුත් ආසයි
දිළින්දෝ
රජින්දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Salli Walata Asa Naththe Song Lyrics - සල්ලි වලට ආස නැත්තෙ ගීතයේ පද පෙළ Salli Walata Asa Naththe Song Lyrics - සල්ලි වලට ආස නැත්තෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2022 Rating: 5

0 comments:

Post a Comment