Malwane Malwane Song Lyrics - මල්වානේ මල්වානේ ගීතයේ පද පෙළ

Malwane Malwane Song Lyrics - මල්වානේ මල්වානේ ගීතයේ පද පෙළ
Song Title : Malwane Malwane (මල්වානේ මල්වානේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මල්වානේ මල්වානේ
එළ රඹුටන් කවුද නොදන්නේ
මල්වානේ මල්වානේ
පැණි රඹුටන් රසට ඉදෙන්නේ
සීලවතී කූඩ සදන්නේ
සමනලයින් පවන් සලන්නේ

මල්වානේ රඹුටන් එන වාරෙට
කුරුලු ගීත ඇසෙනා ඒ කාලෙට
සමනලයින් පවන් සලයි තාලෙට
යන්න ඕනා බලන්න  මල්වානෙට

කොළඹ හිටං එන අපි පිළිගන්නට
හරි ලාභෙට පැණි රඹුටන් දෙන්නට
සමහර මිනිසුන් පොරකයි තරඟෙට
පෙනේවි ඔබ ගියදා මල්වානෙට

මල්වානේ මල්වානේ
එළ රඹුටන් කවුද නොදන්නේ
මල්වානේ මල්වානේ
පැණි රඹුටන් යසට ඉදෙන්නේ
සීලවතී කූඩ සදන්නේ
සමනලයින් පවන් සලන්නේ

හොඳ හොඳ රඹුටන් තෝරගන්නට
මාරුවෙන්න වෙයි වත්තෙන් වත්තට
මාරුවෙන ගමන් රසදැයි බලන්ට
ගෙඩි දෙක තුන ලැබෙනව හැම ගහකට

කෙනෙක් නගී ඔබ තෝරපු ගහකට
කඩාලා දෙයි ගෙඩි දහසක් හරියට
උදව් කරයි කෙනෙක් ඒක ගන්නට
ඊටපස්සෙ වෙන්නෙ මුදල් ගෙවන්ට

මල්වානේ මල්වානේ
එළ රඹුටන් කවුද නොදන්නේ
මල්වානේ මල්වානේ
පැණි රඹුටන් රසට ඉදෙන්නේ
සීලවතී කූඩ සදන්නේ
සමනලයින් පවන් සලන්නේ

කාරෙක අපෙ පාරෙ නොවෙයි තිබෙන්නේ
කෝමද අපි මේවා රැගෙන යන්නේ
මේ ප්‍රශ්නෙට පිලිතුරක් ලැබෙන්නේ
අර කූඩ සදන ලියෝ මට පෙනෙන්නේ

හරි ලස්සණ ඇඟිලි තුඩින් ඈගේ
පොල් අත්තෙන් කූඩ සදන වේගේ
මම නම කිව්වම හෙමින් සැරේ මාගේ
ඈ සිනාසුණා අඳුනනවා වාගේ

මල්වානේ මල්වානේ
එළ රඹුටන් කවුද නොදන්නේ
මල්වානේ මල්වානේ
පැණි රඹුටන් රසට ඉදෙන්නේ
සීලවතී කූඩ සදන්නේ
සමනලයින් පවන් සලන්නේ

සීලවතී කූඩ සදන්නේ
සමනලයින් පවන් සලන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malwane Malwane Song Lyrics - මල්වානේ මල්වානේ ගීතයේ පද පෙළ Malwane Malwane Song Lyrics - මල්වානේ මල්වානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2022 Rating: 5

0 comments:

Post a Comment