ක්‍රීම් ක්‍රැකර්ස් හදමු (Cream Crackers Hadamu)

ක්‍රීම් ක්‍රැකර්ස් හදමු (Cream Crackers Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 පාන්පිටි ග්‍රෑම් 400 ක්
  • 🌷 බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
  • 🌷 බේකින් සෝඩා තේ හැඳි 1/2 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎈 මේ සියල්ල එකට හලා භාජනයකට දමන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 සීනි මේස හැඳි 1 ක්
  • 🌷 ලුණු තේ හැඳි 1 ක් 
  • 🌷 යීස්ට් තේ හැඳි 1/2 ක්
  • 🌷 කිරිපිටි මේස හැඳි 1 ක් (තියෙනවා නම් විතරක් එකතු කරන්න , මං එකතු කලේ නෙස්ටමෝල්ට් මේස හැන්දක්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎈 මේ සියල්ල හලාගත් පිටි දැමූ භාජනයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 බිත්තර කහමද 1ක්
  • 🌷 ඔලිව් තෙල් මේස හැඳි 4 ක් (ඔලිව් තෙල් නෑ කියලා බය වෙන්න එපා ඔයාලා ගෙදර කෑමට ගන්න තෙල් වර්ගයක් එකතු කර ගන්න පුළුවන්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎈 ඉහත මිශ්‍ර කරගත් පිටි වල මැදින් ඉඩක් සාදා බිත්තර කහමද සහ ඔලිව් තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  2. 🎈 දැන් මද උණුසුම් වතුර ටික ටික එකතු කරමින් පිටි ටික හොඳින් රොටි පදමට අනා ගන්න.
  3. 🎈 පිටි මෝලිය මෘදු වනතුරු විනාඩි 5, 6 ක් පමණ  අනාගන්න.
  4. 🎈 අනාගත් පිටි මෝලිය පැය බාගයක් පමණ පිපෙන්න තබන්න.ඉටි කොලයකින් හොඳින් වසා තබන්න.
  5. 🎈 හොඳින් පිපුණු පිටි මෝලිය පැතලි මතුපිටක දමා තුනී කර අවශ්‍ය හැඩයේ කෑලි කපා ගන්න . ගොඩාක් තුනී වනලෙස තුනී කරන්න.
  6. 🎈 කපා ගත් බිස්කට් තැටියක අතුරා 160  °C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 10 ක් 15 ක් පමණ බේක් කර ගන්න.

ඔන්න ඔයාලත් හදලා බලන්න, කඩෙන් ගේන ක්‍රීම් ක්‍රැකර්ස් වලට වැඩිය ඇත්තටම ගොඩාක් රසයි 😍 

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
ක්‍රීම් ක්‍රැකර්ස් හදමු (Cream Crackers Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ක්‍රීම් ක්‍රැකර්ස් හදමු (Cream Crackers Hadamu) ක්‍රීම් ක්‍රැකර්ස් හදමු (Cream Crackers Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2022 Rating: 5

0 comments:

Post a Comment