Punchi Hoten Aran Song Lyrics - පුංචි හොටෙන් අරන් ගීතයේ පද පෙළ

Punchi Hoten Aran Song Lyrics - පුංචි හොටෙන් අරන් ගීතයේ පද පෙළ
Song Title : Punchi Hoten Aran (පුංචි හොටෙන් අරන්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


පුංචි හොටෙන් අරන් ඇවිත් මටලු කැබලි
අපේ ගේ දොරකඩ මී අඹ ගහේ
මේ කුරුලු පෙම්වතුන් දෙන්නා
ලස්සණ කූඩුවක් හදනවා //

අනේ වද කරන්න ගල් ගහන්න හොඳ නෑ හොඳ නෑ
හිරිහැරයක් කරන්න හොඳ නෑ
හිතේ සිතුම් පැතුම් ගොඩක් වගෙයි මට තේරෙන්නෑ
උත්සහවන්තයො පරදින්නෑ

පුංචි හොටෙන් අරන් ඇවිත් මටලු කැබලි
අපේ ගේ දොරකඩ මී අඹ ගහේ
මේ කුරුලු පෙම්වතුන් දෙන්නා
ලස්සණ කූඩුවක් හදනවා

උදෑසනින් ඇසෙන පෙම් ගී රස අමතක වෙන්නෑ
කුරුලු දෙබස් මට තේරෙන්නෑ
ආදරේ මධු ගඟක් බව කියනව ද දන්නෙ නෑ
වාසනාව දුකක් එතන නෑ

පුංචි හොටෙන් අරන් ඇවිත් මටලු කැබලි
අපේ ගේ දොරකඩ මී අඹ ගහේ
මේ කුරුලු පෙම්වතුන් දෙන්නා
ලස්සණ කූඩුවක් හදනවා

පෙම්වතුන් කුරුලු ලෝකේ පිංවතුන් බව පෙනේ
අදහස් නිදහසේ සිදුවෙනා
ලබන වෙසක් මහේ සුබ නැකතක් ඇවිත් තියෙනවා
කූඩුව කඩිමුඩියෙ හැදෙනවා

පුංචි හොටෙන් අරන් ඇවිත් මටලු කැබලි
අපේ ගේ දොරකඩ මී අඹ ගහේ
මේ කුරුලු පෙම්වතුන් දෙන්නා
ලස්සණ කූඩුවක් හදනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Hoten Aran Song Lyrics - පුංචි හොටෙන් අරන් ගීතයේ පද පෙළ Punchi Hoten Aran Song Lyrics - පුංචි හොටෙන් අරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 08, 2022 Rating: 5

0 comments:

Post a Comment