Raththaranin Malayak Sadannam Song Lyrics - රත්තරනින් මාලයක් සදන්නම් ගීතයේ පද පෙළ

Raththaranin Malayak Sadannam Song Lyrics - රත්තරනින් මාලයක් සදන්නම් ගීතයේ පද පෙළ
Song Title : Raththaranin Malayak Sadannam (රත්තරනින් මාලයක් සදන්නම්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


රත්තරනින් මාලයක් සදන්නම්
දිස්නේ දෙන්න මැණිකක් යොදන්නම්
ලස්සණ දැයි පෙන්නලා අසන්නම්
මගේ ආදරීට තෑගි කරන්නම් //

රත්තරන් ඇඳලා නෑ
මුතු මැණික් දැකල නෑ
දිලිසෙන සේල නෑ ඇය අසරණයි
ඇගෙ හිත කිලුටු නෑ
ආදරෙ ඉඳුල් නෑ
මලකට දෙවෙනි නෑ ඈ ලස්සණයි

රත්තරනින් මාලයක් සදන්නම්
දිස්නේ දෙන්න මැණිකක් යොදන්නම්
ලස්සණ දැයි පෙන්නලා අසන්නම්
මගේ ආදරීට තෑගි කරන්නම් //

ලොකුවට ගෙයක් නෑ
අතු පැලෙ ඉඩක් නෑ
තාත්තා මෙලොව නෑ මව් විතරයි
ආදායමක් නෑ
නෑදෑයනුත් නෑ
ජීවත් වෙන්නෙ ඈ කිරි කපලයි

රත්තරනින් මාලයක් සදන්නම්
දිස්නේ දෙන්න මැණිකක් යොදන්නම්
ලස්සණ දැයි පෙන්නලා අසන්නම්
මගේ ආදරීට තෑගි කරන්නම් //

ලොක්කගෙ පුතා මං
වත්තෙ හිමිකරුව මං
ඈ දුටු දවසෙ මං දෙවරක් බැලුවා
ඈ හරි රුවයි දැන්
කැමතියි දෙමව්පියන්
හෙට අනිද්ද මං විවාහ වෙනවා

රත්තරනින් මාලයක් සදන්නම්
දිස්නේ දෙන්න මැණිකක් යොදන්නම්
ලස්සණ දැයි පෙන්නලා අසන්නම්
මගේ ආදරීට තෑගි කරන්නම් /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raththaranin Malayak Sadannam Song Lyrics - රත්තරනින් මාලයක් සදන්නම් ගීතයේ පද පෙළ Raththaranin Malayak Sadannam Song Lyrics - රත්තරනින් මාලයක් සදන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 08, 2022 Rating: 5

0 comments:

Post a Comment