හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මනිය යුද්ධය ජය ගත්තා නම් ලෝකයට කුමක් සිදු වේද? (Wishmitha Ithihasaya)

හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මනිය යුද්ධය ජය ගත්තා නම් ලෝකයට කුමක් සිදු වේද? (Wishmitha Ithihasaya) - Your Choice Way
ඉතිහාසයට ආදරය කරන හෝ හදාරන ඔබ යම් ඓතිහාසික සිදුවීමක් එලෙස සිදු නොවී වෙනස්ම ආකාරයකට සිදු වී තිබුණේ නම් මේ ලෝකයට මොන ආකාරයේ බලපෑමක් ඉන් සිදු විය හැකිදැයි කවදා හෝ සිතා තිබේද. උදාහරණයක් ලෙස ජෙන්ගිස් ඛාන් මහා ඝාතකයකු නොවුවේ නම් හා විශාල සංඛ්‍යාවක පිරිසක් ඝාතනය නොකළා නම් කුමක් විය හැකිද? එසේත් නැතිනම් ඇමරිකා සහ ප්‍රංශ විප්ලව සිදු නොවුනි නම් කුමක් සිදු වේවිද? ආදී ප්‍රශ්නයි. බොහෝ ඉතිහාසඥයින් සහ ඉතිහාස රසිකයන් මේ ආකාරයේ වෙනත් විකල්ප ගොඩ නැගිය හැකි කරුණු කෙරෙහි මහත් කැමැත්තක් දක්වනු ලබයි.

කෙසේ වෙතත් නූතන ඉතිහාසයේ ගමන් මග සහ වර්තමානයේ මිනිසුන් සිටින ආකාරය (හෝ මේ නිසා බොහෝ මිනිසුන් පිරිසක් නොපවතින්නටද ඉඩ තිබුනි) වෙනස් කළ හැකි ලොකුම ප්‍රශ්නය නම්  හිට්ලර් සහ නාසි ජර්මනිය දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කළේ නම් මේ ලෝකයට කුමක් විය හැකිද යන්නයි.

නාසි ජර්මනිය විසින් එකල සිදුකරන ලද අපරාධ සහ හිට්ලර්ගේ ගෝලීය ආධිපත්‍යය පිළිබඳ සැලසුම් පිළිබඳව දැනුවත්ව සිටින මිනිසුන්ගේ සිත් භීතියෙන් සලිත කරවන මේ ප්‍රශ්ණය එනම් හිට්ලර් තමා අතින් සිදු වූ වැරදි සහ අඩුපාඩු නොකළේ නම් සහ ජයග්‍රාහකයෙකු ලෙස යුද්ධය අවසන් කලේ නම් ලෝකයට සිදු වන්නේ කුමක්දැයි අද අප සලකා බලමු.

මෙම ප්‍රශ්නයේ පළමු කොටසට එනම් හිට්ලර් යුද්ධය ජය ගත්තා නම් එසේ ජය ගැනීමට ඔහු සිදු කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ අප මුලින් විමසා බලමු. පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, බලය සදහා කුසගින්නෙන් පෙළෙනු ෆැසිස්ට්වාදීන් සිදු කළ වැරදි නතර කළ යුතුය. එනම් සෝවියට් සමූහාණ්ඩුවට එරෙහි ප්‍රහාරය ශීත ඍතවේදී  අත්හිටුවීමට කටයුතු කල යුතුය. අනෙක නම් එකවර යුධ පෙරමුණු දෙකක යුද්ධ නොකර සිටීමය. එනම් ඔවුන්ගේ මූලික අවධානය යොමු විය යුත්තේ බ්‍රිතාන්‍යයට වන අතර ඒ වන විට බ්‍රිතාන්‍ය බිඳවැටීමේ අද්දරටම පැමිණ තිබුණි. එහෙත් ඒ අතරතුර ජර්මනියේ අවධානය එකවරම රුසියාව සමඟ ගනුදෙනු කිරීමට යොමු වීම මගින් යුද්ධයට සැලකිය යුතු බලපෑමක් සිදු විය. බ්‍රිතාන්‍යය සමඟ යුද්ධයෙන් පසුව සුදුසු වේලාවක රුසියාවට පහර දුන්නේ නම් යුද්ධයේ අවසානය බොහෝ විට මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.

ඔවුන් නිවැරදි කරගත යුතුව තිබූ දෙවන වැරැද්ද වන්නේ හිට්ලර් එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමයි. මේ රටවල් දෙක අතර ඇති දුර සහ එක්සත් ජනපදය සතුව ඇති සම්පත් සැලකිල්ලට ගනිමින් ජර්මනියට එක්සත් ජනපදය පරාජය කිරීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. 

එක්සත් ජනපදය සමඟ යුධමය ක්‍රියාමාර්ගයට නොගොස් යුරෝපයේ සියලුම ප්‍රදේශ සාර්ථකව අත්පත් කර ගැනීමෙන් පසු හිට්ලර් ඉතාලිය සමඟ ඇතිකරගත් මිත්‍රත්වය නිසා මුසෝලිනීටද භූමියෙන් යම් කොටසක පාලනය ලබා දෙනු ඇත.  කෙසේ වෙතත් සැබෑ බලය සෑම විටම හිට්ලර් සමඟ රැඳෙනු ඇත.  බ්‍රිතාන්‍යය සහ රුසියාව සාර්ථකව අත්පත් කර ගැනීමෙන් පසු ජර්මනියට සාර්ථකව යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇත.

ජපානය සහ ඉතාලිය හිට්ලර් සමඟ සන්ධානගත වීමත් සමඟ හිට්ලර් ඔහුගේ ගෝලීය ආධිපත්‍යය සඳහා වූ සැලසුම් යුද්ධයෙන් පසුව වහාම ක්‍රියාත්මක කරනු ඇත. ඉතින්, ජර්මනිය විසින් යුරෝපය සහ ආසියාව පුරා විශාල භූමි ප්‍රදේශයක් සාර්ථකව පාලනය කිරීමෙන් පසුව සිදුවිය හැකි දේ කුමක්ද? බොහෝ විට තවත් යුද්ධයක් විය හැකිය. 

හිට්ලර්ගේ අවසාන ඉලක්කය සම්පුර්ණ ගෝලීය ආධිපත්‍යය බව අප දන්නා කරුණකි. එහෙයින් හිට්ලර් ඒ සදහා කුඩා රටවලට එරෙහිව ඔහුගේ ප්‍රහාර දියත් කිරීමට පටන් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.  ඔහු ඩෙන්මාර්කය, ෆින්ලන්තය වැනි රටවල් සාර්ථකව අත්පත් කර ගනු ඇත. මීට අමතරව තවත් රටවල් රාශියකට ප්‍රහාර එල්ල කරනු ඇත.

නමුත් ඔවුනට ඒත් සමගම තවත් එක් ප්‍රධාන සතුරකු බිහි වේ. එනම් ඇමරිකා එක්සත් ජනපදය සහ ඒ අසල ඇති කැනඩාව වැනි අසල්වැසි රටවල්ය. යුද්ධයෙන් පසුව පවා එක්සත් ජනපදය සතුව අතිවිශාල සම්පත් ප්‍රමාණයක් හා ඉහළ ආයුධ බලයක් තිබෙන අතර ඔවුන් හිට්ලර්ට බලවත් සතුරෙකු වනු ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී පවා හිට්ලර් ඇමරිකාවට බිය වූ බව කියැවේ. 

කෙසේ වෙතත් මෙලෙස සිදු වුවහොත් ඉන් පසු ඇමරිකාව ලෝකයේ විශාල භූමිකාවක් ඉටු කරනු ඇත. ගෝලීය ආධිපත්‍ය සැලැස්ම සහ ලොව පුරා සිදු වන මහා ජන සංහාරයන් දැකීමෙන් පසු එක්සත් ජනපදය ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. 

මෙසේ ඇති වන යුද්ධය බොහෝ විට න්‍යෂ්ටික යුද්ධයක් වීමට ඉඩ ඇති අතර එක්සත් ජනපදය ඒ වන විටත් න්‍යෂ්ටික තාක්ෂණය අතින් ජර්මනියට වඩා ඉදිරියෙන් සිටින නිසා යුද්ධයේ බොහෝ වාසි ඇමරිකාව සතු වනු ඇත. ජර්මන් යටත් විජිත ලෙස ඇති රටවල කැරලි ඇති වී ඒ රටවල්ද ක්‍රමයෙන් ඇමරිකාව සමග එක්වීමට වැඩි ඉඩක් ඇත. 

මෙමගින් බොහෝ විට ජර්මනියේ බලය නැති වීමට ඉඩ ඇති අතර මින් සිදු වන අවාසිය නම් නාසින් හට මහා ජන සංහාරයක් කිරීමට විශාල කාලයක් ලැබීමයි. 

මීට අමතරව සිදු විය හැකි තවත් උපකල්පනයක් නම් නාසීන් සිදු කරන මහා ජනසංහාර  දැක නාසි පාලනය තුළින්ම අභ්‍යන්තර කැරැල්ලක් ඇති වී නාසි පාලනය පෙරලී යාමයි. එසේ වී හිට්ලර් ඉවත් කිරීමත් සමඟ නව නායකයෙකුට එය භාර ගත හැකිය. එයින් අදහස් වන්නේ දේවල් හොඳ වන බව නොවේ. බොහෝ විට එම පාලනය මීට වඩා නරක එකක් විය හැක.

අවසානයේදී පැහැදිලි වන්නේ ජර්මානුවන් යුද්ධය  ජයග්රහණය කළත් එය කෙටි කාලීන වීමට ඉඩ ඇති බවයි.  මුළු ලෝකයම විහිදෙන දැවැන්ත අධිරාජ්‍යයක් පාලනය කිරීම එක් රටකට හැකි වීම අතිශයින්ම කළ නොහැක්කකි. 

ඇත්ත වශයෙන්ම, මේ සියල්ලම උපකල්පනය කරන්නේ ජර්මනිය සතුව න්‍යෂ්ටික අවි නොතිබූ බව සිතාය. න්‍යෂ්ටික ආයුධ සහිත ෆැසිස්ට් නාසි තන්ත්‍රය ඇත්තෙන්ම බියජනක සිතුවිල්ලක් වන අතර කිසිවෙකුට කවදාවත් ඒ පිළිබඳව සිහිනෙන් හෝ සිතීමට අවශ්‍ය යැයි මම නොසිතමි....විශ්මිත ඉතිහාසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මනිය යුද්ධය ජය ගත්තා නම් ලෝකයට කුමක් සිදු වේද? (Wishmitha Ithihasaya) හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මනිය යුද්ධය ජය ගත්තා නම් ලෝකයට කුමක් සිදු වේද? (Wishmitha Ithihasaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2021 Rating: 5

0 comments:

Post a Comment