Mahansiyata Kawi Sipada Song Lyrics - මහන්සියට කවි සීපද ගීතයේ පද පෙළ

Mahansiyata Kawi Sipada Song Lyrics - මහන්සියට කවි සීපද ගීතයේ පද පෙළ
Song Title : Mahansiyata Kawi Sipada (මහන්සියට කවි සීපද)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ
ජන ගී නාද රටා ඇසුරින් තනුව සකසා ගෙන ඇත.


මහන්සියට කවි සීපද සින්දු කියනවා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා

හා යමන් පුතා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

අපේ ගමේ බරබාගේ හැදූ නයිදෙගෙ වඩු පට්ටලේ
අනාගතේ වාහන වැඩ පොළක් හැදෙනවා
අපේ රටේ යකඩ වානෙ මහ පොළොවෙන් ඉවත් වෙලා
විදුලි බලෙන් යන්තරයෙන් වැඩ නිම වෙනවා

හා යමන් පුතා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක් මවගේ හදවතේ
අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
ඒ උණු ලේ කඳුළු වෙලා හෙළූ කඳුළු එකතු වෙලා
තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා

හා යමන් පුතා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

රටේ සම්පත් යොදලා අපේ අනාගතේ සරුවෙලා
විදෙස් වලින් පවා අපට මුදල් ගනවා
අපේ රටේ රථ වාහන අපේ රටේ තෙල් යොදලා
අපේ පැටවු මේ කඳු පහුකරගෙන යනවා

හා යමන් පුතා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
මහන්සියට කවි සීපද සින්දු කියනවා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahansiyata Kawi Sipada Song Lyrics - මහන්සියට කවි සීපද ගීතයේ පද පෙළ Mahansiyata Kawi Sipada Song Lyrics - මහන්සියට කවි සීපද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2022 Rating: 5

0 comments:

Post a Comment