Mage Sudu Banandita Song Lyrics - මග‍ෙ සුදු බෑනණ්ඩිට ගීතයේ පද පෙළ

Mage Sudu Banandita Song Lyrics - මග‍ෙ සුදු බෑනණ්ඩිට ගීතයේ පද පෙළ
Song Title : Mage Sudu Banandita (මග‍ෙ සුදු බෑනණ්ඩිට)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


මග‍ෙ සුදු බෑනණ්ඩිට බුද්ධං සරණේ සරණයි
මග‍ෙ බුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි
මග‍ෙ සුදු බෑනණ්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි

බෑනණ්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක්
මාමණ්ඩී ඒ හින්දයි ආවේ මං තකහනියක්

කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා
සිද්ධ වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගෙයි
අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක්
කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි

ගමේ ඉන්න හොඳ කොල්ලෙක් අහිමි වෙච්ච එක පාඩුයි
ඒකයි මට කණගාටු
මාමණ්ඩිත් හොඳ මිනිහෙක් බෝධිසත්වයෙක් වාගෙයි
ඒකයි මට කණගාටු

මග‍ෙ සුදු බෑනණ්ඩිට බුද්ධං සරණේ සරණයි
මග‍ෙ බුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි
මග‍ෙ සුදු බෑනණ්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි

සිදාදියෙන් මෙහෙ ආ ගිය ගැටයා දන්නවා නේද
අපොයි මොකද මං නොදන්නෙ මිනිහා හරිම හොඳයි නේද

අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා බෑනො
දෝණියන්දැ ඌත් එක්ක පැනල ගිහිල්ලා
අයියෝ සුළු දෙයක් නෙ මමත් බල බලා උන්නෙ
මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා

ආදරයෙන් හදපු එකී ගෙදර උන්නු හොඳම එකී
ඒකයි මට කණගාටු
ගේ දොර වැඩ නොදත් එකී ගත්තු මිනිහ අමාරුවේ
ඒකයි මට කණගාටු

මග‍ෙ සුදු බෑනණ්ඩිට බුද්ධං සරණේ සරණයි
මග‍ෙ බුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි
මග‍ෙ සුදු බෑනණ්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sudu Banandita Song Lyrics - මග‍ෙ සුදු බෑනණ්ඩිට ගීතයේ පද පෙළ Mage Sudu Banandita Song Lyrics - මග‍ෙ සුදු බෑනණ්ඩිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2022 Rating: 5

0 comments:

Post a Comment