Song Title : Kula Gedarin (කුල ගෙදරින්)
ගායනය : බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර සමග වින්සන්ට් ප්‍රේමසිරි
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
1974 දී තිරගත වූ "හුලවාලි" චිත්‍රපටියට නිර්මාණය වූ ගීයකි.
කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ (පති කුලයට අද)
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනු කුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ
කුල ගෙදරින්
දුම්බර කඳුවැටියේ (පති කුලයට අද)
මනු කුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ
වන ලන්දෙ හැංගුණු මූණු පොඩ්ඩක් කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද පෙම් කෙළී වැව් කණ්ඩියේ
වන ලන්දෙ හැංගුණු මූණු පොඩ්ඩක් කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද පෙම් කෙළී වැව් කණ්ඩියේ
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ (පති කුලයට අද)
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනු කුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ
දඹ රත්තරං හැඩදා සොඳින් කළ රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ අස්වහක් නැත හෝ වහක් නැත ආකහේ තරුවක් වගෙයි
දඹ රත්තරං හැඩදා සොඳින් කළ රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ අස්වහක් නැත හෝ වහක් නැත ආකහේ තරුවක් වගෙයි
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්



0 comments:
Post a Comment