Kandulu Sala Nangi Song Lyrics - කඳුළු සලා නංගී ගීතයේ පද පෙළ

Kandulu Sala Nangi Song Lyrics - කඳුළු සලා නංගී ගීතයේ පද පෙළ
Song Title : Kandulu Sala Nangi (කඳුළු සලා නංගී)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ

නිවසේ මිනි පහනක් ලෙස බැබලී
මෙපමණ කල් ඔබ සිටියා
දියකට ලෝකේ හිමිවන වරයක්
මේ මොහොතේදී අද ලැබුවා
මේ අපගේ ගේ දොර අප හැරදා යනවා
නව දිවියකටයි පා ඔසවන්නේ
මනමාලිය වන හින්දා නංගී
ගස් වල කුසුම් පිපෙන්නේ

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ

ආදර සැමියෙකු හට අත දෙන්නයි
මේ ඔබ සැරසී ඉන්නේ සැප සාදා
නව නිවස් ලියකගේ පතිවතදම් සුරකින්න
ආරේ සිහල හොඳ ගුණදම් රැකලා
ලෝකේ හොඳ නම වඩවා ගන්න
ඔය කඳුලැලි කැට පිසදාගෙන
දැන් නංගී සතුටින් යන්න

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Sala Nangi Song Lyrics - කඳුළු සලා නංගී ගීතයේ පද පෙළ Kandulu Sala Nangi Song Lyrics - කඳුළු සලා නංගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment