Waren Hin Sare Song Lyrics - වරෙන් හීන් සැරේ ගීතයේ පද පෙළ

Waren Hin Sare Song Lyrics - වරෙන් හීන් සැරේ ගීතයේ පද පෙළ
Song Title : Waren Hin Sare (වරෙන් හීන් සැරේ)
ගායනය : සුනිල් ශාන්ත
පදරචනය : සුනිල් ශාන්ත
සංගීතය : සුනිල් ශාන්ත
නව ගායනය : අයිවෝ ඩෙනිස්
මුල් ගායනයේ ශ්‍රවණ තත්වය දුර්වල බැවින් පද සඳහා යොදගත්තේ පසුව අයිවෝ ඩෙනිස් මහතා ගයන ලද අනුවාදයයි.


වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ

සිසිල් පවන් බිබී
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

රෑ යාමයේ හීංසැරේ
වරෙන් අනේ
හාවෝ පෙම් කෙලියේ යන්නේ රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
හාදු දිදී තණ පඳුරේ නටන්නේ
පනින්නේ
හාවෝ
හාවෝ
අනේ හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ නිදන් තුරු හිමියා තුරුල්ලේ //
අන්න මහමූණා පියා සොයා හඹා යේ
අන්න මහමූණා පියා සොයා හඹා යේ
වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා
එහෙත් හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා
හීන් සැරේ බඩ ගා එනවෝ //
අනේ සුදු මූ‍ණත් හැකිලීලා නොවේදෝ
අනේ සුදු මූ‍ණත් හැකිලීලා නොවේදෝ
අයියෝ රිංගාලා බඩගාලා සීරීලා
මාමේ මාමේ
අනේ හීන් සැරේ හහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
රෑ යාමයේ හීංසැරේ
වරෙන් අනේ



මුල් ගායනය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waren Hin Sare Song Lyrics - වරෙන් හීන් සැරේ ගීතයේ පද පෙළ Waren Hin Sare Song Lyrics - වරෙන් හීන් සැරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment