Bovitiya Dan Palukan Ware Song Lyrics - බෝවිටියා දං පළුකං වාරේ ගීතයේ පද පෙළ

Bovitiya Dan Palukan Ware Song Lyrics - බෝවිටියා දං පළුකං වාරේ ගීතයේ පද පෙළ

Bovitiya Dan Palukan Ware Song Lyrics - බෝවිටියා දං පළුකං වාරේ ගීතයේ පද පෙළ
Song Title : Bovitiya Dan Palukan Ware (බෝවිටියා දං පළුකං වාරේ)
ගායනය : සුනිල් සාන්ත සහ චිත්‍රා සෝමපාල
පද : සුනිල් සාන්ත
තනුව : සුනිල් සාන්ත


බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ මා දං ගොඩ ගැහිලා නංගෝ
සිහිවෙන විට තොල කට ද තෙමෙයි මේ මා යනවා නංගෝ
මා යනවා නංගෝ

හා සුදු සුදු අයියේ
මා එනවා අයියේ
අයියේ යමු යමු සුදු වැල්ලේ

ඇයි නංගෝ මා අතහැරපන්කෝ මා වෙලටයි යන්නේ
බාලොලියා බෝවිටියා කන්නෝ නරක ළමෝ නංගෝ
එදා වගේ මා ඕළු නෙළා ගෙන එන්නම් සුදු නංගෝ
එන්නම් සුදු නංගෝ

මට අද ඕළු එපා
බාලොලියා ද එපා
අයියේ මා ගෙදරම ඉන්නම්

 බොරුවට මා විහිළු කළා නොවැ තරහද මගෙ නංගෝ
රතට රතූ කජු පුහුලම් ඔබ දැක සැඟවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා උදවිය එන්න මෙහෙං නංගෝ
එන්න මෙහෙං නංගෝ

ටික ටික සැඟවෙනවා
එබිකම් කර යනවා
හා හා ඔබ දැක නොවැ අයියේ

පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව තොල් කළු වූයේ කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ
යසයි යසයි නංගෝ

එකක් කටේ වැටුණා
ටිකක් රහත් බැලුවා
අයියගෙ දත් ටික දම් පාටයි

බෝවිටියා දං පළුකං බාලොලි කරඹ ගොඩයි නංගෝ
සුදෝ ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා වාගෙයි
ඊට වඩා දැන් පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ
ගෙදරට යමු නංගෝ

දකුණේ බාලොලියා
වමතේ බෝවිටියා
කන්නේ මා දං සුදු අයියේ

බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ ///

පසු කලෙක මුල් ගායනයේ තනුව වෙනස් කර,ඊට උචිත අයුරින් පද ද වෙනස් කර,මේ ගීය නව ලතාවකට ගායනා කෙරුණා.පහත ඇත්තේ ඒ නව ගායනයයි.

බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ මා දං වැහි වැහැලා නංගෝ
සිහිවෙන විට තොල කට ද තෙමෙයි මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

මා යන්නේ මේ වෙලටයි මා අත හැරයන්කෝ නංගෝ
බාලොලියා බෝවිටියා කන්නෝ නරක ළමෝ නංගෝ
ඊයේ වාගේ ඕළු නෙළා ගෙන මම එන්නම් නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

 බොරුවට මා විහිළු කළා නොවැ තරහද මගෙ නංගෝ
රතට රතේ කජු පුහුලම් ඔබ දැකැ සැඟවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා ඇති අය එන්නැ මෙහෙං නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව දම් පැහැ වූයේ කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ
සුදෝ ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා නංගෝ
ඊට වඩා දැන් පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bovitiya Dan Palukan Ware Song Lyrics - බෝවිටියා දං පළුකං වාරේ ගීතයේ පද පෙළ Bovitiya Dan Palukan Ware Song Lyrics - බෝවිටියා දං පළුකං වාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment