Waren Hinsare Song Lyrics - වරෙන් හීන්සැරේ ගීතයේ පද පෙළ

Waren Hinsare Song Lyrics - වරෙන් හීන්සැරේ ගීතයේ පද පෙළ
Song Title : Waren Hinsare (වරෙන් හීන්සැරේ)
ගායනය : සුනිල් සාන්ත
පද රචනය : සුනිල් සාන්ත
තනුව : සුනිල් සාන්ත


වරෙන් හීන්සැරේ
වරෙන් හීන්සැරේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ
සිසිල් පවන් දිදී කිරා වැටේ
සිහින ලොවේ අඩ නින්දේ සතුන් මෙ යාමේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ

රෑ යාමයේ
හීන්සැරේ
වරෙන් අනේ
හාවෝ පෙම් කෙළියේ යන්නේ රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ රෑ යාමෙදෝ (රෑ යාමෙදෝ රෑ යාමෙදෝ)
හාදු දිදී තණ පඳුරේ නටන්නේ, පනින්නේ
හාවෝ හාවෝ
අනේ හීන්සැරේ
හහා හීන්සැරේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ

ඇයිද සැලී සැලී සර සර ගා හඬන්නේ
ලියේ ඉඳන් තුරු හිමි හා තුරුල්ලේ
අන්න මහමූනා හොරෙන් පියාහඹා ඒ
වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා
ඒත් හීන්සැරේ
හහා හීන්සැරේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ

හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා
හීන් සැරේ බඩගා එනවෝ
අනේ සුදු මූණත් රැළි වැටිලා නොවේදෝ
අයියෝ රිංගාලා බඩගාලා සීරිලා
මාමේ මාමේ
හහා හීන්සැරේ
වරෙන් හීන්සැරේ රිදී වලාවේ

රෑ යාමයේ
හීන්සැරේ
වරෙන් අනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waren Hinsare Song Lyrics - වරෙන් හීන්සැරේ ගීතයේ පද පෙළ Waren Hinsare Song Lyrics - වරෙන් හීන්සැරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment