Bindagena Yamu Song Lyrics - බිඳගෙන යමු ගීතයේ පද පෙළ

Bindagena Yamu Song Lyrics - බිඳගෙන යමු ගීතයේ පද පෙළ
Song Title : Bindagena Yamu (බිඳගෙන යමු)
Vocals : Senaka Batagoda
Lyrics : Senaka Batagoda
Melody : Senaka Batagoda
Music : Senaka Batagoda


බිඳ ගෙන යමු එන බාධක කරදර
සැනසුම එය වේ නෑ දිවියට බර
වෙහෙසක් විය හැකි නම් මිනිසුන් වෙත
පහසක් දෙන දේ ඉද දුර ඈතක

අන්ධ නොවී ගොඩ එමු එක විලසට
බැන්ඳ සෙනෙහේ එය වේ
අන්ධකාරයක මේරූ මෙන් දස අත
යන්න නොදී බැඳ ගමු එක විලසට

ඇති තැන ඇති වී නැති තැන නැති වී
බැලූ බැලූ තැන වෙනසක් ඇත දිවයන
උපදී මිය යන මිය ගොස් උපදින
කෙළක් නොමැති සිතුවිලි ගොනු අතරේ
අත් තටු ගිලිහී ඉගිලෙන්නට බැරි
ප්‍රාර්ථනා සිඳබිඳ දා ගිය මුත්
අඳෝනාව මැද සතුට ගලා එයි
නිදි නැති ජීවය නුඹව බලනු ඇත

අන්ධ නොවී ගොඩ එමු එක විලසට
බැන්ඳ සෙනෙහේ එය වේ
අන්ධකාරයක මේරූ මෙන් දස අත
යන්න නොදී බැඳ ගමු එක විලසට

වැටි වැටි නැඟිටින බිළිදුන් සේ ලොව
නැවතත් අපි නැගිටිමු  ඒ විලසට
සිහින ලොවේ දුටු දේ ලැබ ගන්නට
දෙපා තබමු ඒ ලොව රැක ගන්නට

අන්ධ නොවී ගොඩ එමු එක විලසට
බැන්ඳ සෙනෙහේ එය වේ
අන්ධකාරයක මේරූ මෙන් දස අත
යන්න නොදී බැඳ ගමු එක විලසට


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bindagena Yamu Song Lyrics - බිඳගෙන යමු ගීතයේ පද පෙළ Bindagena Yamu Song Lyrics - බිඳගෙන යමු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment