Kokilayange Kokila Nade Song Lyrics - කෝකිලයන්ගේ කෝකිල නාදේ ගීතයේ පද පෙළ

Kokilayange Kokila Nade Song Lyrics - කෝකිලයන්ගේ කෝකිල නාදේ  ගීතයේ පද පෙළ
Song Title : Kokilayange Kokila Nade (කෝකිලයන්ගේ කෝකිල නාදේ)
ගායනය : සුනිල් සාන්ත
සංගීතය : සුනිල් සාන්ත
ගී පද : හියුබත් දිසානායක
පසුව ගායනය : අයිවෝ ඩෙනිස්


කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී

ජාති ජාති මලින් සුවඳ උරා බී
වටින් පිටින් සිසිල් සුළං හමන්නේ
සාමදාන සැඳෑ සුවක් ඇදෙන්නේ
අන්න අන්න ඉරත් මූදෙ ගිලෙන්නේ
මගේ කුමාරී ආල තොටිල්ලේ
පැදෙමු නිදැල්ලේ

කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී

සුදෝ සුදෝ අන්න හඳත් එබෙන්නේ
සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ
එපා එපා සඳේ නිකම් තැවෙන්නේ
ඇයිද මගේ සුදා මටයි ආදරේ
අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා
ගීත ගයන්නෝ

කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී

සමන් මලක් නෙලා මගේ බිසෝගේ
හිසේ ගසම් අන්න මගේ විනෝදේ
එන්න අනේ එන්න මගේ කුමාරී
සාදු කියා හාදු දෙකක් දෙම් සිරී
මගේ කිරිල්ලි හඬින් සුමිහිරි
ගයන් අමා ගී

කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී

බෝම ඇතත් සුදෝ මැණික් සාගරේ
ඔබයි මගේ මැණික මගේ ආදරේ
ඉතිං එපා සැකක් මගේ සුන්දරී
මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී
මගේ අසෝකා මගේ විසාකා
මගේ මල්ලිකා

කෝකිලයන්ගේ කෝකිල නාදේ
කෝකිලයන්ගේ කෝකිල නාදේ
හීන හඬින් හීන වගේ එයි නැඟී
හීන හඬින් හීන වගේ එයි නැඟී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kokilayange Kokila Nade Song Lyrics - කෝකිලයන්ගේ කෝකිල නාදේ ගීතයේ පද පෙළ Kokilayange Kokila Nade Song Lyrics - කෝකිලයන්ගේ කෝකිල නාදේ  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment