Sama Malin Ron Soyan Song Lyrics - සැම මලින් රොන් සොයන් ගීතයේ පද පෙළ

Sama Malin Ron Soyan Song Lyrics - සැම මලින් රොන් සොයන් ගීතයේ පද පෙළ
Song Title : Sama Malin Ron Soyan (සැම මලින් රොන් සොයන්)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.ප්‍රේම තරඟය චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන්, ඉන්දීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මුත්තුසාමි මහතා සම්මානයකින් පිදූ බව වාර්තාවේ. මෙම චිත්‍රපටියේ සියලු ගී තනු ස්වතන්ත්‍ර නිර්මාන බව සඳහන් කරමි.


සැම මලින් රොන් සොයන්
යති මීමැසුන් ගුම් නදින්
කුසුමන් සැලෙමින් හිස වනා සිනාසෙන්නා //

හිසෙහි රෝස මල් ගසාලා
සිරුර රන් වතින් වසාලා
පියරු සැන් ගොඩේ ගිලීලා
පුදුම රූපයක් මවාලා
අපට ඔරවලා
බැලුවට රවලා
අපි නෑ බයවෙන්නේ

පිරිමි අපට දොස් කියන්නේ
තමන් වරද නැහැ පෙනෙන්නේ
තරුණියන්ටමයි බණින්නේ
අපේ ඇද තමයි සොයන්නේ
දෑස පෙනේ නම්
පාර තිබේනම්
කැලේ දුවන්නේ ඇයි

හහ් හහ් හහ් හහ් හහ් හා
අයි යූල ලෙඩී යේ
ඩියු ල ලෙඩී යෝ
ඩියු ල ලෙඩී ඩී ලෙඩීයේ ලෙඩීයේ
ඩියු ල ලෙඩී

මහ වනේ නිදා ඉන්න දිවියන්
නැඟුටිම වැඩි ගුණ නෑ
නිකරුණේ ලොවේ ඉන්න පිරිමින්
සුළු කොට සිතන්නෙපා

බලවතා නිසා ලෝකේ පිරිමින්
ජය ගන්ටම බලනා
සමගියේ බලේ අපි ඇඳිණා
නිහඬවෙලා ඉන්නා

සැම මලින් රොන් සොයන්
යති මීමැසුන් ගුම් නදින්
කුසුමන් සැලෙමින් හිස වනා සිනාසෙන්නා

ලලල ලල් ලලා ලලා ලා
ලලල ලල් ලලා ලලා ලා
ලලලල ලලලා
ලලලල ලලලා
ලලල ලල් ලල්ල ලා

හහ් හහ් හහ් හහ් හහ් හා
අයි යූල ලෙඩී යේ
ඩියු ල ලෙඩී යෝ
ඩියු ල ලෙඩී ඩී ලෙඩීයේ ලෙඩීයේ
ඩියු ල ලෙඩී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sama Malin Ron Soyan Song Lyrics - සැම මලින් රොන් සොයන් ගීතයේ පද පෙළ Sama Malin Ron Soyan Song Lyrics - සැම මලින් රොන් සොයන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment