Darunu Gini Dalwi Song Lyrics - දරුණු ගිනී දැල්වී ගීතයේ පද පෙළ

Darunu Gini Dalwi Song Lyrics - දරුණු ගිනී දැල්වී ගීතයේ පද පෙළ
Song Title : Darunu Gini Dalwi (දරුණු ගිනී දැල්වී)
ගායනය : ලතා වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.ප්‍රේම තරඟය චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන්, ඉන්දීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මුත්තුසාමි මහතා සම්මානයකින් පිදූ බව වාර්තාවේ. මෙම චිත්‍රපටියේ සියලු ගී තනු ස්වතන්ත්‍ර නිර්මාන බව සඳහන් කරමි.


දරුණු ගිනී දැල්වී හදේ
දැවේ අහෝ ප්‍රේමේ වියෝ දුකා //

දෙනෙත සදිසි මා ප්‍රියා
මා වෙත ප්‍රේම පෑ නියා //
සිහිවේ නිති දිනේ

සෞම්‍ය චන්ද්‍රයා ආ.. ආ.. ආ...

සෞම්‍ය චන්ද්‍රයා ආ.. ආ.. ආ...
ප්‍රේමයේ ශෝකය වැදී
දින දින වැහැරේ

අඩ මසකින් සඳ සැනසිලා
පූර්ණ වී සිසිලේ දිලේ //

ජීවිතේ මා මේ ලෙසා
අඳුරු වුණා ප්‍රියා නිසා
සැනසීම මරු ආ දා ආ.. ආ.. ආ... ආ...

දරුණු ගිනී දැල්වී හදේ
දැවේ අහෝ ප්‍රේමේ වියෝ දුකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Darunu Gini Dalwi Song Lyrics - දරුණු ගිනී දැල්වී ගීතයේ පද පෙළ Darunu Gini Dalwi Song Lyrics - දරුණු ගිනී දැල්වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment