Soya Diyav Mata Saranak Song Lyrics - සොයා දියව් මට සරණක් ගීතයේ පද පෙළ

Soya Diyav Mata Saranak Song Lyrics - සොයා දියව් මට සරණක් ගීතයේ පද පෙළ

Soya Diyav Mata Saranak Song Lyrics - සොයා දියව් මට සරණක් ගීතයේ පද පෙළSoya Diyav Mata Saranak Song Lyrics - සොයා දියව් මට සරණක් ගීතයේ පද පෙළ
Song Title : Soya Diyav Mata Saranak (සොයා දියව් මට සරණක්)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහය දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සොයා දියව්
සොයා දියව් මට සරණක්
මා අත ගන්නට
පෙරුම් පිරූ යෞවනයන්
දකුණේදී
උතුරේදී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිණේ

නීල වරල මතුවන නර කෙස් ගණිමී
බාල සුවඳ ආලේපන ගෙන උලමී //

දෙ තන එරෙණ කිරී
දොවා ඉවත ලමි //

තෙපිටයි ඒ සාපේ
පවුකාරයිණේ

සොයා දියව් මට සරණක්
මා අත ගන්නට
පෙරුම් පිරූ යෞවනයන්
දකුණේදී
උතුරේදී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිණේ

මැලවෙයි නෙතු මහනෙල් නා දළු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ //

හදෙහි නැගෙන ගිණි
කඳුළින් ඉවසමි //

තෙපිටයි ඒ පාපේ
පවුකාරයිණේ

සොයා දියව් මට සරණක්
මා අත ගන්නට
පෙරුම් පිරූ යෞවනයන්
දකුණේදී
උතුරේදී
මරා දැමූයේ
තෙපි නොවේද පවුකාරයිණේ

පවුකාරයිණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soya Diyav Mata Saranak Song Lyrics - සොයා දියව් මට සරණක් ගීතයේ පද පෙළ Soya Diyav Mata Saranak Song Lyrics - සොයා දියව් මට සරණක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2022 Rating: 5

0 comments:

Post a Comment