Punchi Sithe Punchi Sina Song Lyrics - පුංචි සිතේ පුංචි සිනා ගීතයේ පද පෙළ

Punchi Sithe Punchi Sina Song Lyrics - පුංචි සිතේ පුංචි සිනා ගීතයේ පද පෙළ
Song Title : Punchi Sithe Punchi Sina (පුංචි සිතේ පුංචි සිනා)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගේය පද : කුලරත්න ආරියවංශ


පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ //

පුංචි දේට කතා වෙලා 
රණ්ඩු වෙලා ‍වෛර බැඳන්
කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා
අම්මාලාට හොරෙන් ඇවිත් 
සෙනෙහෙ සිතින් යාළු වෙලා
පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ

දෙමාපියන් කතා නැතුව 
වෛර වුණත් ඒ වාගේ
පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල් වාගේ දුවේ පුතේ 
ලොකු අයටත් අඬ ගහලා
ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Sithe Punchi Sina Song Lyrics - පුංචි සිතේ පුංචි සිනා ගීතයේ පද පෙළ Punchi Sithe Punchi Sina Song Lyrics - පුංචි සිතේ පුංචි සිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2022 Rating: 5

0 comments:

Post a Comment