Men Ape Iskole Song Lyrics - මේං අපේ ඉස්කෝලේ ගීතයේ පද පෙළ

Men Ape Iskole Song Lyrics - මේං අපේ ඉස්කෝලේ ගීතයේ පද පෙළ
Song Title : Men Ape Iskole (මේං අපේ ඉස්කෝලේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මේං අපේ ඉස්කෝලේ
රාං රුවයි ‍රැස් මාලේ
රෑන් පිටින් අපි ආවේ
පාන් වැටක සිරියාවේ //

වැස්සට ගඟ ආවත් පන්ති වලට
අව්වට ඉර වැ‍ටුණත් ඉස් මුදුනට
වෙඩි පිට වෙඩි ඇහුණත් පැයෙන් පැයට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

මේං අපේ ඉස්කෝලේ
රාං රුවයි ‍රැස් මාලේ
රෑන් පිටින් අපි ආවේ
පාන් වැටක සිරියාවේ

කුඹුරේ වැඩ තිබුණත් යලට මහට
එනවා හැමදාමත් පන්ති වලට
ඩෙස් පු‍ටු බංකු නැතත් ඉඳ ගන්නට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

මේං අපේ ඉස්කෝලේ
රාං රුවයි ‍රැස් මාලේ
රෑන් පිටින් අපි ආවේ
පාන් වැටක සිරියාවේ

ලස්සන සාරි නැතත් ටීචර්ලට
මූණට එළිය ඇවිත් පිං පාටට
කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

මේං අපේ ඉස්කෝලේ
රාං රුවයි ‍රැස් මාලේ
රෑන් පිටින් අපි ආවේ
පාන් වැටක සිරියාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Men Ape Iskole Song Lyrics - මේං අපේ ඉස්කෝලේ ගීතයේ පද පෙළ Men Ape Iskole Song Lyrics - මේං අපේ ඉස්කෝලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2022 Rating: 5

0 comments:

Post a Comment