Dewadaththala Song Lyrics - දේවදත්තලා ගීතයේ පද පෙළ

Dewadaththala Song Lyrics - දේවදත්තලා ගීතයේ පද පෙළ
Song Title : Dewadaththala (දේවදත්තලා)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : සමන් ඒකනායක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


බෝධිසත්ත ලීලාවෙන් මූණු සරසලා
අජාසත්ත සේනාවේ පුතුන් පිරිවරා
සුදම් ගැබට ගිහින් ඉන්න වරම් ඉල්ලලා
දොරින් දොරට වැඳ වැඳ එන දේවදත්තලා
දේවදත්තලා

නෙළුම් පුදති බඳ යට ගිනි දඬුව හංගලා
සොරුන් රකිති දඬුවම් දෙති අපට පෙන්වලා
තෙපුල් දොඩති අපුල් නැතිව කොපුල් නම්මලා
තොවිල් නටති මොවුන් රටම උකසට තියලා
රටම උකසට තියලා

මනුස්සකම් කඳුළු සුසුම් අමතක කරලා
අහස් ගමන් ඉගිලෙනවා පරෙස්සම් වෙලා
දහස් ගණන් රවටා සක්විති සුව විඳලා
යළිත් ආවදෙන් කතිරය ළඟට ළංවෙලා
කතිරය ළඟට ළංවෙලා

බෝධිසත්ත ලීලාවෙන් මූණු සරසලා
අජාසත්ත සේනාවේ පුතුන් පිරිවරා
සුදම් ගැබට ගිහින් ඉන්න වරම් ඉල්ලලා
දොරින් දොරට වැඳ වැඳ එන දේවදත්තලා
දේවදත්තලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewadaththala Song Lyrics - දේවදත්තලා ගීතයේ පද පෙළ Dewadaththala Song Lyrics - දේවදත්තලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2022 Rating: 5

0 comments:

Post a Comment