Pini Watena Mal Yaye Song Lyrics - පිණි වැටෙනා මල් යායේ ගීතයේ පද පෙළ

Pini Watena Mal Yaye Song Lyrics - පිණි වැටෙනා මල් යායේ ගීතයේ පද පෙළ
Song Title : Pini Watena Mal Yaye (පිණි වැටෙනා මල් යායේ)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ

නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ

පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා

එකම ඉසව්වක බැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිය ළතැවී
සිත රැඳි පැතුමන් පොදි බැඳ එන අද
ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ

නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ

පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ

අපේ ලොවක තනි වෙන්නට පැතුමන්
කොතරම් පිරුණත් වරම් නැතේ
බාධක හමුවේ නොසැලී ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ

නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ

පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pini Watena Mal Yaye Song Lyrics - පිණි වැටෙනා මල් යායේ ගීතයේ පද පෙළ Pini Watena Mal Yaye Song Lyrics - පිණි වැටෙනා මල් යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment