ගෝමරීගේ අවතාරය මර්තේලිස් සොයා එයි (Gomari)

ගෝමරීගේ අවතාරය මර්තේලිස් සොයා එයි (Gomari) - Your Choice Way

ඇල්ල පාමුල ගල්තලාවෙහි ගොම්මන් යාමයේ පදමට ඉස්තරම්ම වර්ගයේ අරක්කු හා කටගැස්ම රසවිදිමින් උන්නේ සුදු මහත්වරුන් දෙදෙනෙක් වූ ෆෝල් හා රිචඩ් යන අයයි ඊට අමතරව ඔවුන්ගේ ආවතේවකරු ලෙස ගමනට එක්වී සිටියේ මර්තේලිස් නැමති අයෙකි.. මේ ඇල්ල සුප්‍රසිද්ධ වූයේ ගෝමරීගේ ඇල්ල නමිනි ඒ නම යෙදෙන්නට හේතු පාධක වූයේ ඇල්ල ආසන්නයේ වැදිගම්මානයේ ජීවත් වූ ගෝමරී නම් සොදුරු රුවැත්තියකි ඇය සමග හාදවූ ආරච්චිගේ සහෝදරයා ඌ මර්තේලිස් විවාහ කරගන්නා බව පවසමින් උපායශීලී ලෙස රූමත් ගෝමරීගෙන් අයුතු ප්‍රයෝජන ලබාගත්තේය අෑ සිතා උන්නේ මර්තේලිස් සැබැවින්ම ආදරය කරනවා කියායි නමුත් මර්තේලිස්ගේ යටිසිතේ සැගව තිබුනේ රැවටීම පමණි . වනලැහැබ තුල මේ පෙම්වතුන් කල රංගනය සතා සිව්පාවා ගහකොළ හොදින් රසවිදින්නට ඇති

මර්තේලිස් මොනතරම් දක්ෂයෙක්ද කිව්වොත් ගෝමරී සිය වසගයට ගැනීමට සෑහෙන පරිශ්‍රමයක් ගත්තේය ඇයට වඩා වසර විස්සකින් පමණ වැඩිමහල් වූ ඔහු නාබර වැදි සුරූපිනිය මුලාකරන්නට සොදුරු සුරංගනා කතා දහස් ගනනක් වාතලයට මුසු කලේය .. වැදි රැහේ උන් විතරක් නෙවෙයි ගම්මානයේ වැසියන්ටත් අබමල් රේණුවක් තරම්වත් ආරංචියක් නොවන්නට සිය අනග රංගනය ක්‍රියාත්මක කලේය වචනයෙන් වචනයට බලාපොරොත්තු ඇති කරමින් අෑ සුරංගනා ලොවක අතරමං කරන්නට වගබලා ගත්තේය ඔහු කපටියෙකි අනග රංගනයෙන් ගැහැණු උන්මාදයට පත්කල හැකි අනංගයෙකි .... අපේ අයියන්ඩී තව ටික දොහකින් ආරච්චිල පයින්ඩේ බාර දෙන්නේ මටයි මගෙ කෙල්ලේ... ඊට පස්සේ උබ මගේ මැණිකේ උබට සුර සැපදෙනවා උබ වගේ ලස්සන සුන්දර කෙල්ලෙක් මේ කැලේ පරවෙලා යන්න මම ඉඩ තියන්නේ නැහැ රත්තරනේ උබ මගෙ බහට මනාපවෙයන් උබව කණකර රත්තරනින් පුරෝනවා මගෙ මැණිකේ .. ආරච්චිල වළව්වේ මැණිකේ වෙන එක සුන්දරම සිහිනයක් ගෝමරී ඔහුගේ කපටි වදන් අතරේ අතරමං උනා එදා ඉදන් වනවදුලේ කාටත් හොරා මේ නවමු පෙම්වතුන් යුවල ඔවුන්ගේ ආදර ලෝකයක තනිවුනා ඇල්ල උඩින් ඇති ගල්තලාවෙහි ඔවුන් දිනපතාම මුණගැසිණි මේ අනංග රංගන සියල්ලක්ම හමාර වූයේ ගෝමරී ගැබ්බර වූ බව මර්තේලිස් දැනගැනීමෙන් අනතුරුවය ... එනපොට හොද නැති බව දැනගත් මර්තේලිස් සිදාදියට වහං වූයේය.

.. කවුද මේකට වගකියන්න ඕනේ මිනිහා මට කියපන් මම ඌව තියෙන්නේ නැහැ වැදිරැහේ එකෙක්ද ගම්පොජ්ජේ හූරෙක්ද අඩී ගෝමරී දොඩහන් කෙල්ලේ නමුත් ඇගෙන් වචනයක් ගන්නට රැහේ උන් කිසිවෙකු සමත් නොවීය රැහේ උන් අෑ දෙස බැලුවේ අවලංගු කාසියක් දෙස බලන අයුරිනි ගෝමරී බලාගත්තු අත බලාගෙන ඔහේ කල්ගෙවීය රැහේ උන්ගේ නොරිස්සුම් බස් ඇයට වදයක් විය අෑ බලා උන්නේ මර්තේලිස් තමා කැන්දන් යන්නට එනතුරුය කිසිවෙකුට කිසිම දෙයක් නොකීවේ ඒනිසාමයි පොරමොලා නම්වු ඇගේ පියා ගුගුලේය දියණියට හදිකල එකා කවුද කියා දැනගන්නට නමුත් ඵලක් නැත ගෝමරීට අනුකම්පාව දැක්වූ එකම තැනත්තිය වූයේ ඇගේ මවයි සිදාදියට සේන්දු වූ මර්තේලිස් සුදු මහත්වරු දෙදෙනෙකු සමග හාද විය ඔවුන්ගේ සමීපතමයෙක් වන්නට ඔහුට වැඩිකලක් ගත නොවීය ඔවුන් විසූ බංගලාවේ භාරකාර තනතුර සුදු මහත්වරු මර්තේලිස්ට පිරිනැමීය මර්තේලිස් ගෝමරී අමතක කර දැමුවේ දෙපා දැවටුණ දුහුවිලි ලෙසින්ය ඔහු ඒතරම් දුස්ඨයෙකි දුර්ජනයෙකි

දින සති ගෙවී ගියේය කෙමෙන් කෙමෙන් ගෝමරීගේ ගැබ මෝරන්නට විය අෑ ගැබිනියක් බව දැන් හොදින් දර්ශනය වේ මර්තේලිස් තමා රවටා ගමෙන් වහං වී ගිය බව ගෝමරී ඒවන විට තේරුම් අරන් අෑ කල්පනා කලේ තාත්තා නැති දරුවෙක් එක්ක රැහේ කොහොමද ජීවත් වෙන්නේ කියා මැවූ සුන්දර සිහින මාළිගා බිදී යන බව දැණුන විට අහිංසක සුරූපි වැදි යුවතිය තීරණය කලා ජීවිතයෙන් ඵලා යන්නට ක්‍රියාත්මක කලා ඒ තීරණය ඇල්ල තුලවූ රුදුරු ජලකඳ තුල සැගව ගියා ඇගේ පණනල මර්තේලිස් ගමට පැමිණියේ වසර පහකට පමණ පසුවය ඒ සුදු මහත්වරු සමග ඇල්ල ආසන්නයේ ගෝනුන් දඩයම් කරන්නටයි. ගෝමරීගේ සිදිධියෙන් තමාට කිසිදු කැලලක් සිදුවී නැති බව ඉදුරාම දැනගැනීමෙන් අනතුරුවයී මර්තේලිස් ගමට පැමිණෙන්නට තීරණය කලේ සුදු මහත්වරු අරක්කු සප්පායම් වෙද්දී කටගැස්ම වෙනුවෙන් හොදම ගෝන ගාතය ගින්නේ පුලුස්සමින් ඔහු ගල්තලාවට ආසන්නයේ රැදි උන්නේය ගොම්මන් අදුර කෙමෙන් කෙමෙන් ලගාවෙමින් පැවැතිණි හදිසියේ මර්තේලිස්ගේ උකුසු ඇස යොමුවුණේ ගල්තලාවෙහි අෑත කෙලවරේ පිටුපා හිදින සුන්දරම ගැහැණු රුව දෙසටයි අරක්කු භාගයකට පමණ වගකියා සිටි ඔහුගේ දැවෙන කාම ගිණිසිලු ඇවිලෙන්නට විය .. ඔන්න ඕකටනේ බන් දෙන දෙයියෝ හොම්බට ඇන ඇන දෙනවා කියන්නේ සුද්දන්ට හොරෙ න් එන්නම් සුන්දර කෙල්ලේ උබෙ තුරුලට ....එසේ පවසමින් මර්තේලිස් ගොම්මන් අදුරට ස්තුති කරමින් ලංවුණා සොදුරු ගැහැණු රුව වෙත ඔහුට පිටුපා සිටි සොදුරු රුව එක්වරම හැරුණා ඔහු දෙසට ඒ සොදුරු රුව මැකී ගියා මතුවුණි බිහිසුණු වූ ගෝමරීගේ අවතාරය.. බලන්නට බැහැ ඒ තරම්ම වියරුයි ඒ දර්ශනය.. ක්ෂණිකව මරලතෝනියක් පැතිර ගියා මුලු වනාන්තරය දෙදරවන තරමට..... පසුවදා උදෑසන නිසොල්මනේ පාවෙමින් තිබුනා මර්තේලිස්ගේ නිසල දේහය...... නිමි..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගෝමරීගේ අවතාරය මර්තේලිස් සොයා එයි (Gomari) ගෝමරීගේ අවතාරය මර්තේලිස් සොයා එයි (Gomari) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment