Werala Konaka Hinda Song Lyrics - වෙරළ කොනක හිඳ ගීතයේ පද පෙළ

Werala Konaka Hinda Song Lyrics - වෙරළ කොනක හිඳ ගීතයේ පද පෙළ
Song Title : Werala Konaka Hinda (වෙරළ කොනක හිඳ)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි //

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Werala Konaka Hinda Song Lyrics - වෙරළ කොනක හිඳ ගීතයේ පද පෙළ Werala Konaka Hinda Song Lyrics - වෙරළ කොනක හිඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment