Nawathanin Aya Yanawa Song Lyrics - නවාතැනින් ඇය යනවා ගීතයේ පද පෙළ

Nila sasala Obe Dasa Song Lyrics - නීල සසල ඔබේ දෑස ගීතයේ පද පෙළ
Song Title : Nawathanin Aya Yanawa (නවාතැනින් ඇය යනවා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ

භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම් බැඳි
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්
ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිතුම්

නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ

මතක රුවන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ
සිල්ප සතර දැන එන තුරු
කල්ප කාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්

නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawathanin Aya Yanawa Song Lyrics - නවාතැනින් ඇය යනවා ගීතයේ පද පෙළ Nawathanin Aya Yanawa Song Lyrics - නවාතැනින් ඇය යනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment