Mama Nam Asayi Ahanna Nayana Song Lyrics - මම නම් ආසයි අහන්න නයනා ගීතයේ පද පෙළ

Mama Nam Asayi Ahanna Nayana Song Lyrics - මම නම් ආසයි අහන්න නයනා ගීතයේ පද පෙළ
Song Title : Mama Nam Asayi Ahanna Nayana (මම නම් ආසයි අහන්න නයනා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
ඉරහඳ පමණයි කවදත් උන්නේ
මමනම් ආසයි අහන්න නයනා
ඉස්සර වගේ ඔබේ මුවින්

ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා
මා හා හිනැහුනු අහිංසකාවිය
අදත් එදා මෙන්
දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ
පුරුදුහඩින් ඇයි හිනා නොවන්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්

පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්
ලෝකය යනතක ගමනේ යද්දෙන්
පුංචි දැරිය යුවතියක වුනාදෙන්
මගේ බොළඳ හිත මට තිබුනාදෙන්
ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ
මමනම් ආසයි අහන්න නයනා
ඉස්සර වගේ ඔබේ මුවින්

මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
ඉරහඳ පමණයි කවදත් උන්නේ
මමනම් ආසයි අහන්න නයනා
ඉස්සර වගේ ඔබේ මුවින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Nam Asayi Ahanna Nayana Song Lyrics - මම නම් ආසයි අහන්න නයනා ගීතයේ පද පෙළ Mama Nam Asayi Ahanna Nayana Song Lyrics - මම නම් ආසයි අහන්න නයනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment