Ma Hada Asapuwa Song Lyrics - මා හද අසපුව ගීතයේ පද පෙළ

Ma Hada Asapuwa Song Lyrics - මා හද අසපුව ගීතයේ පද පෙළ
Song Title : Ma Hada Asapuwa (මා හද අසපුව)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මා හද අසපුව
කුසුමින් සැරසුව
ඒ මල් බර දෑතයි
ජීවන මහ මග
කැල්මෙන් හෙලි කළ
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි

සෙනෙහස පොදි බැඳ හිසින් දරා
සැනසිලි පිණි දිය රැගෙන පෙරා //
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා

මා හද අසපුව
කුසුමින් සැරසුව
ඒ මල් බර දෑතයි
ජීවන මහ මග
කැල්මෙන් හෙලි කළ
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි

මුවින් අමොද බිඳු බිඳු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ //
දායාදය ලෙස අබැටක් නොතකමි
ඇගෙ නොකැළැල් හද මට සෑහේ

මා හද අසපුව
කුසුමින් සැරසුව
ඒ මල් බර දෑතයි
ජීවන මහ මග
කැල්මෙන් හෙලි කළ
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Hada Asapuwa Song Lyrics - මා හද අසපුව ගීතයේ පද පෙළ Ma Hada Asapuwa Song Lyrics - මා හද අසපුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment