Mage Ratata Dalada Himi Sewanayi Song Lyrics - මගේ රටට දළදා හිමි සෙවණයි ගීතයේ පද පෙළ

Mage Ratata Dalada Himi Sewanayi Song Lyrics - මගේ රටට දළදා හිමි සෙවණයි ගීතයේ පද පෙළ
Song Title : Mage Ratata Dalada Himi Sewanayi (මගේ රටට දළදා හිමි සෙවණයි)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි //

දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ //

දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ //

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ //

සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා //

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

උපතින් මා හට මේ හැම උරුමයි///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Ratata Dalada Himi Sewanayi Song Lyrics - මගේ රටට දළදා හිමි සෙවණයි ගීතයේ පද පෙළ Mage Ratata Dalada Himi Sewanayi Song Lyrics - මගේ රටට දළදා හිමි සෙවණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment