Punchi Palath Me Kale Maliga Song Lyrics - පුංචි පැලත් මේ කාලේ මාලිගා ගීතයේ පද පෙළ

Punchi Palath Me Kale Maliga Song Lyrics - පුංචි පැලත් මේ කාලේ මාලිගා ගීතයේ පද පෙළ
Song Title : Punchi Palath Me Kale Maliga (පුංචි පැලත් මේ කාලේ මාලිගා)
ගායනය : විජය කුමාරතුංග සහ චන්ද්‍ර‍ලේඛා පෙරේරා
පද : සෝමපාල ලීලානන්ද
තනුව : සරත් දසනායක


පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

මල් වරා තිබූ දළු මල් බරින් පිරේ
රන් ගොයම්ද කිරිවැදී සැලේ

බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ
කෝල ළඳුන් පුරන රබන් සුරල් සේ

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී
චන්ද්‍ර කිඳුරු නාඩගම වෙතේ

කෝල ළඳුන් ආල සිතින් ගැටව් හා එතී
ඈත කුඹුරු දිගේ සරුංගල් අරී

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා

ගම්මානෙම මංගල ගී ගායනා
ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

දොළොස් මහේ නැකත ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Palath Me Kale Maliga Song Lyrics - පුංචි පැලත් මේ කාලේ මාලිගා ගීතයේ පද පෙළ Punchi Palath Me Kale Maliga Song Lyrics - පුංචි පැලත් මේ කාලේ මාලිගා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment