Pemathura Hagum Song Lyrics - පෙමාතුර හැඟුම් ගීතයේ පද පෙළ

Pemathura Hagum Song Lyrics - පෙමාතුර හැඟුම් ගීතයේ පද පෙළ
Song Title : Pemathura Hagum (පෙමාතුර හැඟුම්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානයේ සදා සරණා
ආයාචනා සුසුම්

නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත
මී අමා බඳුන්

නියාලුව හදින්
පියා නෙතු පියන්
යොමා යුග සවන්
තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන්
එබී ලෙන් දොරෙන්
අරාජික පරාදීසය
සොයා එමි සිතින්

පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානයේ සදා සරණා
ආයාචනා සුසුම්

නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත
මී අමා බඳුන්

අරා සිරි යහන්
නිදා වැතිරෙමින්
සරා සලෙල සිතිවිලි ගඟ
ගිලී නැහැවෙමින්
නුරා මල් පැනින්
පොඟා යුග ලවන්
පිනා පසිඳුරන්
සතපමි සොඳුරු සිහිනයෙන්

පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානයේ සදා සරණා
ආයාචනා සුසුම්

නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත
මී අමා බඳුන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pemathura Hagum Song Lyrics - පෙමාතුර හැඟුම් ගීතයේ පද පෙළ Pemathura Hagum Song Lyrics - පෙමාතුර හැඟුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2022 Rating: 5

0 comments:

Post a Comment