Udarata Manike Dumriya Madiriya Song Lyrics - උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ගීතයේ පද පෙළ

Udarata Manike Dumriya Madiriya Song Lyrics - උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ගීතයේ පද පෙළUdarata Manike Dumriya Madiriya Song Lyrics - උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ගීතයේ පද පෙළ
Song Title : Udarata Manike Dumriya Madiriya (උඩරට මැණිකේ දුම්රිය මැදිරිය)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


උඩරට මැණිකේ දුම්රිය මැදිරිය
ඇයගේ සුවඳින් නෑවෙනා //
ආලකමන්දා පුරයකි ආදර
පුරහඳ දහසක් පායනා
උඩරට මැණිකේ දුම්රිය මැදිරිය
ඇයගේ සුවඳින් නෑවෙනා

දිවයන තුරුවැල්
හිනැහෙන දියවැල්
දිව මල් දිව සළු තාරකා

ඇගේ දෙනෙත් මැද මා නෙත් කිමිදෙන
චංචල මංගල චාරිකා //

රිය නැවතුන සඳ
දෑත වනා ඈ
යන්න ගියා මැකිලා

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය
පාළු වලාවකි පාවෙනා
කෝ රණ මොණරුන්
මිහිලොල් බඹරුන්
ගුමු ගුමු පෙම් ගී ගායනා
උඩරට මැණිකේ දුම්රිය මැදිරිය
පාළු වලාවකි පාවෙනා

කැරකෙන රියසක
ගොරහැඩි හඬ මැද
හදවත කළඹයි වේදනා

යළි හෙට දවසේ සැන්දෑ යාමේ
ඇගේ නුවන් යුග වාසනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udarata Manike Dumriya Madiriya Song Lyrics - උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ගීතයේ පද පෙළ Udarata Manike Dumriya Madiriya Song Lyrics - උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2022 Rating: 5

0 comments:

Post a Comment