Oba Apal Malak Wage Song Lyrics - ඔබ ඇපල් මලක් වාගේ ගීතයේ පද පෙළ

Oba Apal Malak Wage Song Lyrics - ඔබ ඇපල් මලක් වාගේ ගීතයේ පද පෙළ
Song Title : Oba Apal Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
තනුව : සංගීත් වික්‍රමසිංහ


ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ
එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Apal Malak Wage Song Lyrics - ඔබ ඇපල් මලක් වාගේ ගීතයේ පද පෙළ Oba Apal Malak Wage Song Lyrics - ඔබ ඇපල් මලක් වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment