රුලං කේසරී හදමු (Rulam Kesari)

රුලං කේසරී හදමු (Rulam Kesari) - Your Choice Way
අද මං ඔයාලට ඉංදියානු රස කැවිලි වර්ගයක් තමයි අරන් ආවෙ. ඉතාමත් පහසුවෙන් හා කෙටි වෙලාවකදි ඔයාලට හදා ගන්න පුළුවන් වගේම මෙය ඉතාමත් රසවත් 😋

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🧇 රුලං කෝප්ප 1 ක් 
  • 🧇 සීනි කෝප්ප 1 ක් 
  • 🧇 කිරි කෝප්ප 2 ක් (ෆ්‍රෙශ් මිල්ක් / එලකිරි/පිටිකිරි )
  • 🧇 එලඟිතෙල්/ බටර් මේස හැඳි 2 ක් 
  • 🧇 කරඳමුංගු කුඩු තේ හැඳි 1/2ක්
  • 🧇 කජු, වියලි මිදි ටිකක්
  • 🧇 කහ පැහැ ආහාර වර්ණක

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎈 මුලින්ම භාජනයක් ගෙන එලඟිතෙල් හෝ බටර් දමා රත් කරන්න .
  2. 🎈 රත් වූ පසු කජු සහ වියලි මිදි ටික දමා බැද පසෙකින් තබන්න .
  3. 🎈 පසුව රුලං ටිකද රත් කර ගත් එලඟිතෙල් වල දමා බැද ගන්න .
  4. 🎈 බැදුනු පසු එයට කිරි ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කර ගන්න.
  5. 🎈 කහ පැහැති ආහාර වර්ණක බිඳු කිහිපයක් එකතු කර ගන්න .
  6. 🎈 කිරි ටික උතුරණ විට සීනි සහ ලුණු පිංචක් එකතු කර හොඳින් මිශ්‍ර කරමින් හැඳි ගාන්න .
  7. 🎈 කැටි ගැසෙන්නට නොදී එක ගුලියකට එනතුරු හැඳිගාමින් පිස ගන්න.
  8. 🎈 මිශ්‍රණය එකට එකතු වන විට කරඳමුංගු කුඩු සහ බැදගත් කජු,වියලි මිදි එකතු කරන්න .
  9. 🎈 අවසානයට බටර් තවරා ගත් තැටියක දමා තුනීකර ගන්න .
  10. 🎈 මදක් නිවුණු පසු කෑලි කපා ගන්න.

හෙළයේ රස මිහිර
රුලං කේසරී හදමු (Rulam Kesari) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුලං කේසරී හදමු (Rulam Kesari) රුලං කේසරී හදමු (Rulam Kesari) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment