Dewduwe Song Lyrics - දෙව්දුවේ ගීතයේ පද පෙළ

Dewduwe Song Lyrics - දෙව්දුවේ ගීතයේ පද පෙළ
Song Title : Dewduwe (දෙව්දුවේ)
ගායනය : බැටරි - battery
ගී පද : නෙකිත ද සිල්වා, බැටරි


තරු අතරින් පියඹා
ඈ මගේ දෙසට ආවා
හද ගල් ගැහුනා සත්තයි
මීදුම අතරින් දැක්කා
ඒ සිනහව මන බැඳුනා
හද කිති කැව්වේ ඔබමයි
නාඳුන හැඟුමින් සිත කැළඹු‍නෙ ඒ මොහොතෙයි
ඒ දින තාමත් මතකයි
ඒ හැඟුමින් මගේ හද ගැහුනා මට දැනුනා
මේ මගේ ආදරයයි

මා වෙත පියමං තබන්න මගේ දෙව්දුවේ
දිවුරමි මා මේ මොහොතේ සදා ආදරේ
මා දිවියේ

ඇස්වලින් නුඹ ඉඟි පාලා
අඳුරත් දැන් දුරු වීලා
මගේ හද මුසපත් වූවයි
වළාකුළකින් බැහැලා
මා දිවි සංසිඳවාලා
දෙව්දුව ඔබ මාගේමයි
නාඳුන හැඟුමින් සිත කැළඹු‍නෙ ඒ මොහොතෙයි
ඒ දින තාමත් මතකයි
ඒ හැඟුමින් මගේ හද ගැහුනා මට දැනුනා
මේ මගේ ආදරයයි

මා වෙත පියමං තබන්න මගේ දෙව්දුවේ
දිවුරමි මා මේ මොහොතේ සදා ආදරේ
මා දිවියේ

සැමදා ළඟ ඉන්නම්
දිවි ඇති තෙක් රැක ගන්නම්
ඔබ මාගේමයි සදා
අප හදවත් එක් වූ දින ඉදලා
සතුටින් ඉමු ඔබ හා මා

මා වෙත පියමං තබන්න මගේ දෙව්දුවේ
දිවුරමි මා මේ මොහොතේ සදා ආදරේ
මා දිවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewduwe Song Lyrics - දෙව්දුවේ ගීතයේ පද පෙළ Dewduwe Song Lyrics - දෙව්දුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment