එල්ලිලා මැරුණු බාප්පා යලි එයි (Horror)

එල්ලිලා මැරුණු බාප්පා යලි එයි (Horror) - Your Choice Way

මෙක සිරාම කතාවක්.මේක වෙනකොට මන් 8 වසරේ හිටියේ.2010 වසරෙදි මට දුරින් නෑයෙක් වෙන බාප්පා කෙනෙක් එල්ලිලා මැරනා..හේතුව තාමත් අබිරහසක්.මු මැරිල තියෙන්නෙ පන්දර 2ට විතර.මල ගෙදර වැඩ හොදට කෙරැනට ඒ ගෙදර හිටිය අයට එක දෙයක් අමතක උනා..සාමන්‍යයේ මල ගෙයක් උන ගෙදරක දවස් 7ක් යනකන් දොරවල් ජනෙල් වහන්න හොද නෑ කියල කතාවක් තියනවා.මොකද මැරැන කෙනාගේ අත්මයගේ අවට සැරිසරන නිසා.මේ අයට ඒ සින් එක අමතක වෙලා ජනෙල් දොරවල් වහල නිදා ගෙන..එ උනාට ගමේ කොල්ලො ගියේ නැ.අපි කැරම් ගගහ හිටියා.දන්නවානේ මල ගෙයක් උනාම හැමදාම එහෙම chance එන් නැනේ.

රැ 8.30ට විතර ඒ ගෙවල් ලග cupule එකක් වැඩ ඇරිලා ගෙදර ඇවිත් තියනවා රැට කන්න බිත්තර රොටි වගයකුත්😋 අරන්.මුන් දෙන්නා එනකොට මුන්ට කව්දෝ කතා කරන කට හඩක් ඇහිල.ඒ කොල්ලා හැරිල බලලා කව්රැත් නැති නිසා ඉස්සරහ බලන් ඇවිත්.ගෙදර ඇවිත් කලා එහෙම 10.30ට විතර මු පිස්සුවෙන් වගේ දෙඩවලා..මු ඒ ගෙදර ඉදන් අර මල ගෙදර උන ගේ ගාවට ඇවිත් දොරට ටඩි බැවා කියපන්කො😂 අපි බලන් ඉන්නවා මේ යකාට පිස්සුද කියලා..මු එක පාරටම ඒ ගෙදර පොඩි දුවට පුතේ තාත්තා අවා දොර අරින්න කිව්ව.අපේ මුනවල් පුක් උනා.ඇයි යකෝ හවස කනත්තට ගිහින් දාපු එකා අයේ ඇවිත්නේ👻🔫

ගෙදර උන් දොර ඇරියේම නෑ.මේකා මොනා කරයිද කියල කව්ද දන්නේ...මු බැරිම තැන පිටි පස්සහ දොරෙන් යන්න ගියා..අපිත් පස්සෙන් ගියා මොකද වෙන්නේ කියල බලන්න😁 මුන් පස්සහ දොර බගෙට වහල නිදාගෙන තියෙන්නේ.අරැ පිහියක් අරන් ගියා කියපන්කො 'මන් අද තොව මරනවා කියාගෙන.ඉට පස්සේ කොල්ලො ටික එකතු වෙලා ඌව අල්ලගෙන පුටුවකට තියල ගැට ගැහුවා.මු කියවනවා ඉවරයක් නෑ.පස්සෙ හමුදුරැවො ඇවිත් මුගෙ ඉස්සරහ පිරිත් කිව්වට පස්සේ තමා අරැට සිහිය අවේ..දොරවල් වහපු නිසාලු එහෙම උනේ.දැන් නම් අව්ලක් නැ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එල්ලිලා මැරුණු බාප්පා යලි එයි (Horror) එල්ලිලා මැරුණු බාප්පා යලි එයි (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment