කිරි අළුවා හදමු (Kiri Aluwa)

කිරි අළුවා හදමු (Kiri Aluwa) - Your Choice Way

ඔයාලට ඉක්මනින් හා පහසුවෙන් හදා ගන්න පුළුවන් රසවත් තවත් රස කැවිලි වර්ගයක් ඔන්න මං අරන් ආවා.කඩේ හාල් පිටි වලින් උනත් ඔයාලට මේක හදා ගන්න පුළුවන් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ☕ සුදු හාල් පිටි 550g
  • ☕ සීනි 500g ක්
  • ☕ පොල්කිරි අඬු කෝප්ප 1 ක්
  • ☕ ලුණු තේ හැඳි 1/2
  • ☕ කරඳමුංගු කුඩු ටිකක්
  • ☕ වැනිලා තේ හැඳි 1/2 ක්
  • ☕ කැමති නම් සිහින්ව කපා ගත් කජු ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ පිටි හොඳින් කබලේ බැද හලා ගන්න.
  2. ♨️ බඳුනක් ලිප තබා එයට සීනි, ලුණු සහ පොල්කිරි දමා උණුකරන්න.
  3. ♨️ මේ පැණි මිශ්‍රණය අතේ ඇලෙන පදමට ආවිට ලිපෙන් ඉවත් කර ටිකක් නිවෙන්න තියන්න.
  4. ♨️ වැනිලා ටිකද පැණි මිශ්‍රණය ට එකතු කරන්න.
  5. ♨️ ඉන්පසු පැණි වලින් කොටසක් සහ පිටි වලින් 50 g ක් ඉවත් කර පසෙකින් තබන්න.
  6. ♨️ දැන් පිටි වලට කජු සහ කරඳමුංගු කුඩු එකතු කර පැණි මිශ්‍රණය ට ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කර ගන්න. 
  7. ♨️ පැණි මදි නම් ඉවත් කර ගත් පැණි එකෙන් එකතු කර කලවම් කර ගන්න . තෙත ගතිය වැඩි නම් අඩු ගින්දරේ ලිප තබා හැඳි ගාමින් තෙත ගතිය ඉවත් කර ගන්න.නැත්නම් තව පිටි ටිකක් එකතු කර ගන්න.
  8. ♨️ දැන් ඉවත් කරගත් පිටි වලින් ස්වල්පයක් ලෑල්ලක ට ඉස අලුවා මිශ්‍රණය ඒ මත දමා ඉතිරි පිටි වලින් ටිකක් උඩින් ඉස අඟල් 3/4 ක් පමණ උසට සිටින සේ තුනී කර ගන්න.
  9. ♨️ දැන් ඔබ කැමති හැඩයකට කැබලි කපා ගන්න.

හෙළයේ රස මිහිර
කිරි අළුවා හදමු (Kiri Aluwa) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරි අළුවා හදමු (Kiri Aluwa) කිරි අළුවා හදමු (Kiri Aluwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment