Ki De Nahana Song Lyrics - කී දේ නාහන ගීතයේ පද පෙළ

Ki De Nahana Song Lyrics - කී දේ නාහන ගීතයේ පද පෙළ
Song Title : Ki De Nahana (කී දේ නාහන)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ජයතිස්ස බොරළුගොඩ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ //

බාල වියේදී යහතින් සිටි හිත
දැන් ළඟකදි සිට කිසි කමකට නැත
අවුල් වෙලා සිත අවුල් වෙලා
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

තෙරුවන් හමුවේ දෙදණින් සිටි හිත
රාගය ද්වේශය හා පැටලී ඇත
මුලාවෙලා සිත මුලාවෙලා
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

කී දේ නාහන මටම අකීකරු
මගෙ හිත ඔබ වෙත අරගෙන ආවා
බුදුහාමුදුරුවනේ
හීලෑ කර දෙනු මැනවි මගේ හිත
බුදුහාමුදුරුවනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ki De Nahana Song Lyrics - කී දේ නාහන ගීතයේ පද පෙළ Ki De Nahana Song Lyrics - කී දේ නාහන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment