Dedunne Pata Patin Adare Song Lyrics - දේදුන්නේ පාට පාටින් ආදරේ ගීතයේ පද පෙළ

Dedunne Pata Patin Adare Song Lyrics - දේදුන්නේ පාට පාටින් ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Dedunne Pata Patin Adare (දේදුන්නේ පාට පාටින් ආදරේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර


දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම්වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ //

ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළංවෙනා

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම්වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ

රන් මෙවුලේ නෙත් රැඳේවි
පා යුග්මේ සිත් ඇලේවි
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමී ඇඳුරේ
කැන්දාගනී මෝහනය වී

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම්වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ //

ආ.... ආආආ.... ආ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dedunne Pata Patin Adare Song Lyrics - දේදුන්නේ පාට පාටින් ආදරේ ගීතයේ පද පෙළ Dedunne Pata Patin Adare Song Lyrics - දේදුන්නේ පාට පාටින් ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2022 Rating: 5

0 comments:

Post a Comment