Sithak Thiyenawa Song Lyrics - සිතක් තියෙනවා ගීතයේ පද පෙළ

Sithak Thiyenawa Song Lyrics - සිතක් තියෙනවා ගීතයේ පද පෙළ
Song Title : Sithak Thiyenawa (fසිතක් තියෙනවා)
ගායනය : ඉන්ද්‍රජිත් දොලමුල්ල
තනුව : ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද : වත්සලා ලියනාරච්චි


සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
නෙතඟ කතාවේ දෙවි දුවක් දකිනවා

සිතින් සිනාසි සෙනෙහස පෑවා
පැතුමන් බොඳ වී දෙනෙත් රතු වුණා
සිහින විමානේ අද යාවී පා වෙලා
සිතේ සුසුම් වැල් බොඳ වෙවී මැකීලා

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා

ඇගේ ලෝකයේ රන් කිරුළද පතලා
මැවූ සිහින වැල් සුන් කර දමලා
ඈ හිනහෙනවා පෙර ලෙසින් බලනවා
නෙතු හඬවනවා මා හද රිදවනවා

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
නෙතඟ කතාවේ මිරිඟුවක් දකිනවා

ඒ සිත ළඳක් සොයනවා
මිරිඟුවක් දකිනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithak Thiyenawa Song Lyrics - සිතක් තියෙනවා ගීතයේ පද පෙළ Sithak Thiyenawa Song Lyrics - සිතක් තියෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment