බෙල්ල කපාපු හංදියේ භීතිය (Horror)

බෙල්ල කපාපු හංදියේ භීතිය (Horror) -Your Choice Way

යාලුවනේ අවුරැදු 13 කට කලින්මේ මේක මට වුන සත්‍ය සිදුවීමක් අද වන විට මේ සිදුවීම සිදු වූ ස්ථානය ආගිය අතක්වත් හොයාගන්න බැරි විදිහට වෙනස් වෙලා තැන තමයි කොට්ටාව අධිවේගී පිවිසුම තවත් ඉතිං කියන්න දෙයක් නෑනේ වෙනස ගැන 2005 අවුරැද්ද ......මම ඒ කාලෙ කම්පියුටර් ෂොප් එකක් කලා කොහුවල හංදියෙ අපෙන් කම්පියුටර් එකක් ප්‍රින්ටර් සහ ups සමග සෙට් එකක් ගත්ත මිලේනියම් සිටි හිටපු ෆැමිලි එකක් එයාල අපිත් එක්ක ගොඩක්ම හිතවත් කට්ටියක් පී සී එක එසෙම්බල් කරල සොෆ්ට්වෙයාර් එහෙම දාලා පැය කිහිපයක් ටෙස්ට් කරල වැඩ ඉවරවෙනකොට හවස 5 විතර උනා කස්ටමර්ට කෝල් කරල ඩිලිවර් කරන්න මගේ වැනට් වැන් එකේ දාගෙන මම පිටත් වුනේ මගේ වයිෆ් ඒක්ක මොකද ඒ ෆැමිලි එක අපි දෙන්නගේම හිතවත් කට්ටියක් අපිට රෑ කෑම ලැස්තිකරනව ඒ නිසා දෙන්නටම එන්න කිව්ව.......ඉතිං නුගේගොඩ ඉඳල හවස ට්‍රැෆික් එකට සෙට් වෙලා අපි එහෙට යනකොට රෑ හත හමාරට විතර ඇති...

ඊට පස්සේ කම්පියුටර් එක සෙට් කරන වැඩේ කරල අඩුපාඩු වෙලා තිබුනු සොෆ්ට්වෙයාර් ඩයල් අපි ඉන්ටනෙට් වගේ දේවල් දාලා දීල රෑ කෑම එහෙමත් කාලා ටිකක් වෙලා කථා බහකුත් දාලා ආපහු එන්න පිටත් වෙනකොට රෑ 11.15 විතර වගේ ඉතිං එයාලගෙන් සමු අරන් මමයි වයිෆුයි මිලේනියම් සිටියෙන් පිටත්වෙලා ඔරැවල වානේ එකත් පහුකරල අතුරැගිරිය හංදියට ආවා දැන් වගේ ඒ කාලේ ගූගල් මැප් ස්මාර්ට් ෆෝන් එහෙම නැති නිසා අතුරැගිරියේ හංදියෙන් මට පාර වැරදුනා මම දැම්මේ අතුරැගිරිය ගොඩගම පාර පැත්තට අන්තිමට අපි ඇවිත් වැටුනේ ගොඩගම හංදියට කමක් නෑ හයිලෙවල් පාරෙන් මහරගමට යනව කෙලින් පාරනෙ කියල මාත් සෑහෙන වේගයකින් ඩ්‍රයිව් කලා අපි හෝමාගම පහු කරල ගලවිලවත්ත ෂෙඩ් එකත් පහුකරමින් දැන් හයිවේ එන්ට්‍රන්ස් හදල තියෙන ඉස්සර මංචි ෆැක්ටරිය අසල වෙල්යාය ආසන්නයට ආව ඒ දවස්වල එතන ලොකු වෙලක් ඔයාලට දැන් මතක් වෙයි හරියටම දැන් ප්‍රයිම් ලෑන්ඩ් එකෙන් හදන එපාර්ට්මන්ට් එක තියෙන තැන ඒ කාලෙ නම් පොඩි කන්දක් වගේ හිස් ඉඩමක් සහ ඉන්පසු කුඩා වෙල්යායක් දෙපැත්තෙම ඒ තැනට එනකොට මගේ වේගය කිලෝමීටර් 90 ක් වගේ අපි දෙන්නම වෙහෙස නිසා කිසිම කතාවක් නැතුවයි ආවේ එක පාරටම සුදු සරමක් හා සුදු ෂර්ට් එකක් ඇඳ ගත්ත මැදිවිය ඉක්මවූ වගේ කලු ටිකක මහත මනුස්සයෙන් වෑන් එකට මීටර් 10 ක් විතර දුරක ඉඳන් පාර පැන්න නමුත් හිතාගන්න බැරි තරම් වේගයකින් හිතන්නකො හුසෙන් බෝලට් මීටර් සීය දුවනව වගේ මම ඇක්සලරේටරය අත හැරල කකුල බේ්‍රක් එකට ගන්න

තත්පරයට මිනිහ පාර පැනල නොපෙනී ගියා මට පොඩ්ඩක් වත් බ්‍රේක් කර ගන්න බැරිවුනා අපි දෙන්නම එක වෙලාවේ මූනෙන් මූන බැලුව මම කිව්ව මොකක් හරි උනා නේද කවුරැ හරි පාර පැන්න නේද කියල වයිෆ්වත් ඒ දේ ම දැකල තිබුන මම කිව්ව පාර හරහ මොකක් හරි එලියක් වත් වැාටන් ඇති කියල ඉතිං අපි ගෙදර ආව නමුත් මේ සිද්දිය මගේ හිතේ සති කීපයක්ම තිබුන දවසක් මහරගම ඉන්න මගේ යාලුවෙක් අපේ ගෙදර ඇව්ත් ඩ්‍රින්ක් එකක් දාන ගමන් කියපු කථාවකින් මම රත් වුනා ඔතනට කියන්නෙ බෙල්ල කපාපු හංදිය ගොඩක් ඉස්සර මනුස්සයෙක් බෙල්ල කපල මරල තිබුනලු දවසක් මගේ යාලුව වරැන බයික් එකේ රෑ එද්දි පිටිපස්සෙන් කවිද හති දාන ශබ්දයක් ඇහිල ගනං ගන් නැකිව දිගටම ඇවිත් නමුත් හති දාන ශබ්දය දිගටම ඇහිල පස්සේ බයික් එක නවත්තල මේන් ස්ටෑනඩ් එක ගහලත් බලල මොකුත් රෝද වලවත් හිර වෙලාද කියල ඒක උනෙත් ඔතනදිමයි ඒ වගේම ගොඩක් වාහන ඇක්සිඩන්ට් වෙලා තියෙනව කියල කිප දෙනෙක්ම මට කිව්ව ඔය වගේ සිදුවීම වලින් ඔතනම ඔයාල මේ ගැන අහල තියෙනවනම් කියන්න මේ සීන් එක මට මාරම විශ්වාසයි අපි දෙන්නගේම ඇස් වලින් එකම මොහොතෙ දැක්ක .....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බෙල්ල කපාපු හංදියේ භීතිය (Horror) බෙල්ල කපාපු හංදියේ භීතිය (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment