Ruwak Edenawa Song Lyrics - රුවක් ඇදෙනවා ගීතයේ පද පෙළ

Ruwak Edenawa Song Lyrics - රුවක් ඇදෙනවා ගීතයේ පද පෙළ

Ruwak Edenawa Song Lyrics - රුවක් ඇදෙනවා ගීතයේ පද පෙළ
Song Title : Ruwak Edenawa (රුවක් ඇදෙනවා)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සමග කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
තනුව : විශාරද ගුණදාස කපුගේ


රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා
මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ //
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා
මොහොතින් එනවා

නැඟුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා //
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නඟලා

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා
මොහොතින් එනවා

මේ ගීය පිළිබඳ විවිධ අදහස් මෑත කාලයේ පලවුණා.

එක් එක්කෙනාට එක එක විදියට යමක් පේන්න පුළුවන්. ඒත් කිසියම් කාරණයක් අවධාරණය කරන්න පැහැදිලි තර්ක හා ගෙනහැර දැක්වීම් අවශ්‍යයි.

මේ අඩවිය මා විශේෂාංග සඳහා වෙන් කොට නැහැ. ඒත් ගීය පිළිබඳ තොරතුරු වලට අදාල නිසා හා ඔබේ දැනගැනීම පිණිස කෙටි සටහනක් යොදන්න හිතුණා.

මහින්ද දිසානායක අතින් ලියවුණා ගීයක් මෙන්න මෙහෙම ....

මී විතෙන් ගිණිකන වැටුණු ඇස
කාගේ රුවදෝ ඇඳෙන්නේ
නිමේෂයකින් ඔබට සසැඳෙන
හිතවතෙකි ඔබ දකින්නේ

භද්‍ර යෞවන මලනුවෙනි ඔබ
කිමද මධුවිත සොයන්නේ
නුරා දාහය නැත නිවෙන්නේ
එයිනි දුක් ගිනි දළු දමන්නේ

ජීවිතය දියවී නොයා දී
වෙනින් ඔරුවක නැග යමන්නේ

මහින්දගෙ ඒ පද වැල,  ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර, දනසේන කඹුරුගමුව හා කරුණාරත්න දිවුල්ගනේ සහෘද කැල අතර එහෙ මෙහෙ පෙරළී සංවාද ගතවී නැවත සංස්කරණය වෙනවා “රුවක් ඇදෙනවා කවුදෝ එනවා” ලෙසින්.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruwak Edenawa Song Lyrics - රුවක් ඇදෙනවා ගීතයේ පද පෙළ Ruwak Edenawa Song Lyrics - රුවක් ඇදෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2022 Rating: 5

0 comments:

Post a Comment