ඉඳිආප්ප හදමු (Idiappa)

ඉඳිආප්ප හදමු (Idiappa) - Your Choice Way

වරදින්නෙ නැතුව ලස්සනට ඉඳිආප්ප ගෙදරම හදමු😍පේ යාලුවන්ට අදහසක් ගන්න ඔන්න මං අපේ රාත්‍රි ආහාර වේලක් අරගෙන ආවා 😍

මෙහි තියන විශේෂත්වය තමයි මං මේ ඉඳිආප්ප වලට පාට ගත්තෙ ස්වාභාවික ආහාර වර්ණක වලින්.බීට් යුශ සහ නිල් කටරොඩු මල් යුශ තමයි මං පාවිච්චි කලේ.ඒ වගේම ඔයාලට පුළුවන් කැරට්, නිවිති, මුරුංගා කොල ,පොකුරු වදමල් සහ රම්පෙ යුශ ආදියද එකතු කර තවත් වර්ණ රැසක් සකසා ගන්න.මෙමගින් ඔයාලගෙ ආහාරයට ලස්සනක් වගේම පෝෂණීය බවකුත් එකතු වෙනවා.

✅  යුශ සකසා ගන්නා විදිය :

  • 🌳 නිල් කටරොඩු මල් මිටක් ගෙන භාජනයකට දමා උතුරණ වතුර එකතු කර විනාඩි 10 ක් පමණ වසා තබා පෙරා යුශ ලබා ගන්න.
  • 🥕 කැරට්, බීට් ආදිය ග්‍රේටරයකින් ගා උණුවතුර එකතු කර මද වෙලාවක් තබා යුශ ගන්න පුළුවන් , නැත්නම් බ්ලෙන්ඩ් කර යුශ පෙරා ගන්න.
  • 🌳 නිවිති ,මුරුංගා කොල, රම්ප කොල ආදිය බ්ලෙන්ඩ් කර පෙරා යුශ ලබා ගන්න පුළුවන් .ඉඳිආප්ප පිටි මේ යුශ දමා අනා ගන්න.
  • 🌷 අපේ ගොඩාක් යාලුවන්ට තියන ප්‍රශ්ණයක් තමයි ඉඳිආප්ප ලස්සනට වත්කරන්න බැහැ, ඒවගේම ඉඳිආප්ප හොඳට එන්නෙ නැහැ කැඩෙනවා කියලා .ඉතිං මේකට විසඳුම තමයි ඔයාලා හොඳින් පිටි ටික පෙනේරයකින් හලලා ගන්න.ඒ වගේම අනිවාර්යයෙන් ම මද උණුසුම් වතුරෙන් පිටි අනා ගන්න. කඩෙන් ගේන පිටි පැකට් වල තියෙනවා ඇල් වතුරෙන් අනන්න කියලා , ඒත් ඔයාලා මද උණුසුම් වතුරෙන් අනන්න.ගොඩාක් රස්නෙ වතුර නෙමෙයි ඇඟිල්ලක් දාගෙන ඉන්න පුළුවන් තරම් රස්නය තියන වතුර පාවිච්චි කරන්න.

ඉතිං හරිම ලේසිය් නේද 😍 

ඔන්න දැන් ඔයාලටත් පුළුවන් වරදින්නෙ නැතුව ලස්සනට ඉඳිආප්ප ටික ගෙදරම හදා ගන්න.

හෙළයේ රස මිහිර

ඉඳිආප්ප හදමු (Idiappa) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉඳිආප්ප හදමු (Idiappa) ඉඳිආප්ප හදමු (Idiappa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2022 Rating: 5

0 comments:

Post a Comment