මාස්මෙලෝස් හදමු (Masmelos)

මාස්මෙලෝස් හදමු (Masmelos) - Your Choice Way

ඔයාලගෙ පොඩිත්තන් ආස කරන ගෙදරදිම පහසුවෙන් හදා ගන්න පුළුවන් තවත් රස කෑමක් ඔන්න මං ඔයාලට අරන් ආවා 😍

මේ ප්‍රමාණයේ කෑලි 24 ක් සඳහා

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 ජෙලටින් 30g ක් (මේස හැඳි 2 ක්)
  • 🌷 සීනි  250g ක් (කෝප්ප 1 ක්)
  • 🌷 වැනිලා ස්වල්පයක් 
  • 🌷 කෝන්ෆ්ලාර් ටිකක් 
  • 🌷 උණු වතුර 125ml ක්
  • 🌷 වතුර 125 ml ක් (කෝප්ප 1/2 ක්)
  • 🌷 කැමති පාටක කලරින් බිඳු කිහිපයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌹 මුලින්ම මාස්මෙලෝස් දාන්න ට්‍රේ එකක් සූදානම් කර ගන්න. අඟල් 7 ක ප්‍රමාණයේ තැටියක් තමයි මං පාවිච්චි කලේ. බටර් ආලේප කර පසෙක තබන්න.
  2. 🌹 දැන් කුඩා භාජනයක් ගෙන ජෙලටින් සහ උණු වතුර එකතු කර ජෙලටින් හොඳින් දියකර ගන්න.
  3. 🌹 පසුව වෙනත් භාජනයක් ගෙන එයට සීනි සහ වතුර කෝප්ප 1/2 දමා ලිප තබා වරින් වර හැඳි ගාමින් ඉටි පදමට එනතුරු උතුරවා ගන්න.පීරිසියකට වතුර ස්වල්පයක් දමා එයට උණුකර ගත් සීනි මිශ්‍රණයෙන් බිංදු කිහිපයක් දමා එකතු කර බලන්න ගුලියක් වගේ එකතු වෙනවා නම් පදම හරි.
  4. 🌹 දැන් ලිපේ ගින්දර අඩුකර දියකර ගත් ජෙලටින් මිශ්‍රණය එකතු කරන්න.
  5. 🌹 හොඳින් මිශ්‍ර කරමින් උණුකර ගන්න.
  6. 🌹 බුබුළු දමා උතුරණ විට ලිපෙන් ඉවතට ගෙන වීදුරු බෝල් එකකට දමා මීඩියම් ස්පීඩ් එකෙන් බීට් කර ගන්න.
  7. 🌹 මිශ්‍රණය සුදු පැහැයට හැරුණු පසු වැනිලා ටිකක් එකතු කර ගන්න.
  8. 🌹 මිශ්‍රණය ඝන වී රිබන් එකක් ආකාරයට වැටෙන තුරු නැවත බීට් කරන්න.
  9. 🌹 හොඳින් බීට් වූ පසු මිශ්‍රණයෙන් බාගයක් සකස් කර ගත් ට්‍රේ එකට දමා හොඳින් පැතලි කර මේසය මත දෙතුන් සැරයක් ගසන්න . එවිට මිශ්‍රණයෙහි ඇති වාතය ඉවත් වෙනවා .නැත්නම් මාස්මෙලෝස් කෑලි වල සිදුරු තියෙන්න පුළුවන්.
  10. 🌹 දැන් ඉතිරි මිශ්‍රණය ට කලරින් ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර වනතුරු නැවත බීට් කරන්න.
  11. 🌹 දැන් කලින් අතුරා ගත් මිශ්‍රණය මත මේ මිශ්‍රණය දමන්න , හොඳින් තුනී කරන්න . නැවත මේසය මත දෙතුන් වතාවක් ගසන්න.
  12. 🌹 දැන් පැය 3,4 ක් තබන්න.
  13. 🌹 පසුව කෝන්ෆ්ලාර් ස්වල්පයක් ඉස අනෙක් පැත්ත දමා අවශ්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපා කෝන්ෆ්ලාර් දවටා ගන්න . කෑලි කපන විට පිහියේ ද කෝන්ෆ්ලාර් දවටා ගන්න.

ඔන්න එහෙනම් හරිම ලේසියෙන් හදන්න පුළුවන් ,ඔයාලත් හදලා බලන්නකෝ 😍 
🌺 ගොඩාක් දෙනෙක්ට මේ ආහාර වට්ටෝරු වරදින්න හේතුවක් තමයි ඔයාලා නිවැරදිව ද්‍රව්‍ය මැන ගන්නෙ නැති එක.එතකොට ඔයාලා හදන ආහාරය වෙනස් වෙනවා . මම තේ හැඳි ,මේස හැඳි ,කෝප්ප ප්‍රමාණ ගන්නෙ ගෙදර අපි පාවිච්චි කරන ඒවාගෙන් නෙමෙයි මෙශරින් කප් ,ඒවගේම මෙශරින් ස්පූන් වලින් .ඔයාලට මෙශරින් ස්පූන් ගෙදර නැත්නම් අඩුම තරමින් බබාලට ගේන බෙහෙත් බෝතල් වලට හම්බ වෙන තේ හැන්දක් හරි තියා ගන්න. එයින් තේ හැඳි 3 ක් මේස හැඳි 1 ක් විදියට පාවිච්චි කරන්න පුළුවන් . 

හෙළයේ රස මිහිර
මාස්මෙලෝස් හදමු (Masmelos) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාස්මෙලෝස් හදමු (Masmelos) මාස්මෙලෝස් හදමු (Masmelos) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2022 Rating: 5

0 comments:

Post a Comment